නියඟයෙන් දිස්ත්රික්ක 18කට බලපෑම්
දිවයින පුරා දිස්ත්‍රික්ක 18 කට නියං තත්ත්වය බලපා ඇති බව ආපදා කළමණකරණ මධ්‍යස්ථානය පවසනවා.
පවුල් 81,151 පුද්ගලයින් 280330 ඉන් පීඩාවට පත්ව සිටින බවයි එම මධ්‍යස්ථානය තවදුරටත් සඳහන් කරන්නේ.
මේ අතර ප්‍රධාන ජලාශ සියල්ලෙහි ජල මට්ටම සමස්තයක් ලෙස 27% ක් දක්වා අඩු වී ඇති අතර 14 කම ජලය ඇත්තේ 10%ට අඩු ප්‍රමාණයක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුය පවසනවා.
වර්ෂා නොමැති උණුසුම් කාලගුණ තත්ත්වයත් සමඟ බොහෝ දෙනෙකුට විවිධ පීඩාවන්ට ලක්වීමට සිදුව තිබෙනවා.
රත්නපුර කෑගල්ල ත්‍රිකුණාමලය මඩකලපුව අම්පාර ,පුත්තලම , කුරුණෑගල යාපනය වවුනියාව මන්නාරම මුලතිව් බදුල්ල මොණරාගල හම්බන්තොට ගම්පහ මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලට නියඟයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
බීමට ජලය හිඟකම මෙන්ම වගා විනාශවීම මෙම ප්‍රදේශවල ජනතාවට මුහුණදීමට ඇති බරපතලම ගැටලුවයි.
ජලාශ රැසක ජල මට්ටම් අඩු වී ඇති අතර ඇතැම් ජලාශ සිඳී ගොස් තිබෙනවා.
තංගල්ල හා රන්න නගරවල පවුල් 25,000කට පානීය ජලය සපයන කට්ටකඩුව ජලාශයේ ජල මට්ටම ද සීඝ්‍රයෙන් පහත බසිමින් පවතිනවා.
ඉන් ජලය ලබා දිය හැක්කේ තවත් දින 04 කට බවයි නිලධාරීන් පවසන්නේ.
ප්‍රධාන ජලාශවල ජල මට්ටම අඩුවී ඇති බැවින් ජලය අපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
බස්නාහිර සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස හෝ රාත්‍රි යේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි නොමැති වියලි කාලගුණයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාතර්මේන්තුව තවදුරටත් සඳහන් කරන්නේ.
The post නියඟයෙන් දිස්ත්රික්ක 18කට බලපෑම් appeared first on ITN News.