බස් රථ දෙකක් එකට ගැටෙයි – පුද්ගලයෙකු ජීවිතක්ෂයට
කොළඹ නුවර මාර්ගයේ කජුගම ප්‍රදේශයේ දී බස් රථ දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
8 දෙනෙකු තුවාල ලබා ඇති බවයි නිට්ටඹුව පොලීසිය ප්‍රකාශ කළේ.
නාරහේන්පිට සිට දංඕවිට දක්වා සේවකයින් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථයක් සහ කාත්තන්කුඩියේ සිට කොළඹ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි අනතුර සිදුවුණේ.
අනතුරෙන් පසුව පෞද්ගලික බස් රථයේ සිරව සිටි රියදුරු ප්‍රදේශවාසීන් විසින් මහත් පරිශ්‍රමයක් දරා පිටතට ගැනීමෙන් පසු වතුපිටිවල රෝහලට ඇතුළත් කෙරුණා.
එහිදී ඔහු මියගිය බවටයි වාර්තා වුණේ.
තුවාල ලැබූ පුද්ගලයින් වරකාපොල සහ වතුපිටිවල රෝහලට ඇතුළත් කෙරුණු අතර ලංගම බස් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගැණුනා.
The post බස් රථ දෙකක් එකට ගැටෙයි – පුද්ගලයෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.