මහනුවර ඇසළ පෙරහැර මංගල්යයේ රන්දෝලි පෙරහැර සාර්ථකව අවසන්
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කෙරුණා.
අද අලුයම දිය කැපීමේ චාරිත්‍රය සිදු කර තිබෙනවා.
අවසන් රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එක් වුණා.
ඊයේ රාත්‍රි 7යි 3ට යෙදුනු සුබ මොහොතින් උතුරු දිසාව බලා අවසන් රන්දෝලි පෙරහැර ගමන් ආරම්භ කළා.
දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී එස් සේනානායක වීදිය ඔස්සේ ගමන් කළ පෙරහැර රජ වීදියෙන් පැමිණ දළදා මාළිගාවට ගෙවිදුනා.
පෙරහැර නැරඹීමට විශාල පිරිසක් එක්ව සිටියා.
රුහුණු කතරගම මහා දේවාලයේ වාසනා හස්තියා ශ්‍රී දළදා කරඩුව වැඩම කළා.
දළදා මාළිගාවේ ඇත් පන්තියේ සිංහරාජ ඇතු සහ කැලණිය රජමහා විහාරයේ කන්ඩුල ඇතු දෑලේ ගමන් කළා.
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාද පෙරහැරට එක් වුණා.
එමෙන්ම නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන දේවාලවල නිලමේවරුන් පෙරහැරේ ගමන් කළා. අලි ඇතුන් මෙන්ම නර්තනාංග රැසක්ම මෙවර පෙරහැරටද එක් කර තිබුණා.
පෙරහැර නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගී වුණා.
මැති ඇමතිවරුන් මෙන්ම මෙරට සංචාරයක නිරත ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනෙට් මණ්ඩල සභික ක්‍රිස්වැන්ග් හොලන්ඩ් මහතා හා ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති ජුලි චන්ග් මහත්මියද ජනාධිපතිවරයා සමඟින් පෙරහැර නැරඹීමට එක් වුණා.
ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර නැරඹීමට පැමිණි ජනතාව සඳහා අස්ගිරි මහා විහාරයෙන් බනිස් දන්සලක් පැවැත්වුවා.
අස්ගිරි විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදියි මෙය සිදුකර තිබෙන්නේ.
අවසන් රන්දෝලි පෙරහැර පැවැත්වීමෙන් පසුව ශ්‍රී දළදා මාළිගාවට ගෙවිදුනු පෙරහැර කරඩුව අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරයේ තැන්පත් කෙරුණා.
පෙරහැර කරඩුව දළදා මාළිගාවෙන් පිටත තැන්පත් කෙරෙන එකම අවස්ථාව මෙයයි.
දිය කැපීමේ චාරිත්‍රය සිදු කෙරුණේ සිව් මහා දේවාලවල සහභාගිත්වයෙන් යුතුවයි.
අද දහවල් පෙරහැර පැවැත්වීමෙන් පසු වාර්ෂික පෙරහැර මංගල්‍යය නිමාවට පත්වනවා.
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මෙම පෙරහැර සාර්ථකව අවසන් කළ බවට සඳහන් සන්දේශය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද පස්වරුවේ භාරදීමට නියමියි.
ඒ මහනුවර ජනාධිපති මන්දිරයේ දීයි.
The post මහනුවර ඇසළ පෙරහැර මංගල්යයේ රන්දෝලි පෙරහැර සාර්ථකව අවසන් appeared first on ITN News.