සාඕලා සුළි කුණාටුව චීනයට ඇතුළු වෙයි
හොංකොං මැකාවූ දිවයින්වලට බලපෑ සාඕලා සුළි කුණාටුව චීනයට ඇතුළු වුණා.
දකුණු චීනයේ ග්වැන්ග් ඩින්ග් පළාතට ඇතුළුවූ මෙම සුළි කුණාටුව හේතුවෙන් ඊයේ දිනයේ පමණක් ග්වැන්ග් ඩොන්ග් හි ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කෙරුණා.
චීනයේ සුළි කුණාටුවෙන් බලපෑම් එල්ලවිය හැකි ප්‍රදේශවල පාසල් , අනෙකුත් ආයතන මෙන්ම ව්‍යාපාරික ස්ථාන මේ වන විටත් වසා දමා තිබෙනවා.
සුළි කුණාටුව පැයට කිලෝමීටර් 200කට අධික වේගයකින් හමායනවා.
හොංකොං දූපතට 1949 වසරෙන් පසු එල්ලවූ දරුණුතම සුළිකුණාටුව මෙය බවයි සැලකෙන්නේ.
The post සාඕලා සුළි කුණාටුව චීනයට ඇතුළු වෙයි appeared first on ITN News.