ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත හැකි එකම පුද්ගලයා ජනපති රනිල් – සබරගමු පළාත් ආණ්ඩුකාර
පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත හැකි එකම පුද්ගලයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසනවා.
ඇහැළියගොඩ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
ඇහැළියගොඩ පනාවල ආයුර්වේද රෝහලේ භික්ෂු වාට්ටුව විවෘත කිරීම සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ ප්‍රදානත්වයෙන් සිදුවුණා.
මුන්ඩිගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය මිල්ලෑවේ මහින්ද ස්වාමින් වහන්සේ තම දායකයින්ගේ සහාය ඇතිව මෙය ඉදිකිරීමට කටයුතු කළේ රුපියල් ලක්ෂ 200ක් වැයකරමින්.
The post ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත හැකි එකම පුද්ගලයා ජනපති රනිල් – සබරගමු පළාත් ආණ්ඩුකාර appeared first on ITN News.