රැකියා සඳහා ලක්ෂ 2ක් විදෙස් ගත වෙයි
මේ වසරේ පළමු මාස අටක කාලය තුළ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය පිරිස ලක්ෂ දෙක ඉක්මවා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ඊයේ (04) වන විට 200026 දෙනෙකු රැකියා සඳහා විදේශ ගත වී ඇත.
විදේශ රැකියා සඳහා ඉතිහාසයේ වැඩිම පිරිසක් පිටත්ව ගිය වසර බවට පසුගිය වසර වාර්තා වූ අතර, එම වසරේදී තුන් ලක්ෂ එකොළොස්දහසක පිරිසක් විදේශගතව තිබිණි.
මේ වසරේදීත් විදේශ රැකියා සඳහා පිටත්ව යන සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
The post රැකියා සඳහා ලක්ෂ 2ක් විදෙස් ගත වෙයි appeared first on ITN News.