බ්රසීලයෙන් කොකේන් කිලෝ 2.5ක් එවලා
බ්‍රසීලයේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබූ පාර්සලයක තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 2.5ක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් සොයාගෙන තිබෙනවා.
එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 190ක් පමණ වන බවයි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය පවසන්නේ.
වොලිබෝල් දැලක දෙකෙළවර වාටියේ තිබූ බටයක් තුළ ඉතා සුක්ෂම ලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබෙනවා.
අදාළ පාර්සලය නිෂ්කාශනය කිරීම සඳහා පැමිණ සිටි බලයලත් නිලධාරියෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මෙම පාර්සලය කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ නමට එවා ඇති බවයි.
මත්ද්‍රව්‍ය තොගය සහ අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතයි.
The post බ්රසීලයෙන් කොකේන් කිලෝ 2.5ක් එවලා appeared first on ITN News.