යුක්රේන ජනපති කැනඩාවේ සංචාරයක
රුසියා ආක්‍රමණයෙන් පසු ප්‍රථම වරට යුක්රේන ජනාධිපතිවරයා කැනඩාවේ සංචාරයක නිරත වනවා.
යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි කැනඩාවට පැමිණි අවස්ථාවේ කැනඩා ජනාධිපති ජස්ටින් ටෘඩො විසින් හරසරින් පිළිගනු ලැබුවා. සෙලෙන්ස්කි කැනඩාවට පැමිණියේ ඇමෙරිකාවේ සංචාරයකින් අනතුරුවයි.
අරමුදල් ලබා ගැනීම ඔහුගේ බලාපොරොත්තු නමුත් එක්සත් ජනපද කොංග්‍රසය තවදුරටත් ආධාර ලබා දෙන්නේ ද යන්න කරුණු පැහැදිලි නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
රුසියාව සමඟ යුද්ධය ආරම්භවීමෙන් පසු යුක්රේන ජනාධිපතිවරයා කැනඩාවට පැමිණි පළමු අවස්ථාව මෙය වුවද මිට පෙර වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔහු කැනඩා පාර්ලිමේන්තුව අමතා තිබෙනවා.
යුක්රේන සොල්දාදුවන් සදහා කැනඩාව දැනටමත් ආයුද සහ පුහුණුව ලබාදී ඇති බවයි වාර්තා වන්නේ. යුක්රේන ජනාධිපතිවරයා සිය සංචාරයේදී ටොරොන්ටෝහි ව්‍යාපාරිකයන් ද හමුවනු ඇති. යුක්රේනයට සහාය දැක්විමට තම රට කැපවී සිටින බව කැනඩා ජනාධිපතිවරයා පසුගිය ජුනි මාසයේදී ප්‍රකාශ කළා.
The post යුක්රේන ජනපති කැනඩාවේ සංචාරයක appeared first on ITN News.