හරක් කටාගේ සිද්ධියට සම්බන්ධ තවත් මත්ද්රව්ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යාමේ සැලසුම් අසාර්ථක වූ අවස්ථාවේදී එයින් පලා ගිය කොස්තාපල්වරයා සුඛෝපභෝගී මෝටර් රථයකිනින් රැගෙන ගිය බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරුවන් සමග කොස්තාපල්වරයා රැගෙන ගිය බව කියන සුඛෝපභෝගී මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා විදේශගතව සිටින මිදිගම රුවන් නමැත්තා ගේ ගෝලයන් දෙදෙනකු බවයි පොලීසිය පවසන්නේ.
ඉකුත් 10 වැනිදින හරක් කටා නැමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ නිලධාරීන් ප්‍රශ්න කිරීම සඳහා සූදානම් වු අවස්ථාවේදී පලා ගිය සැකකාර කොස්තාපල්වරයා ඔවුන්ට මත් මිශ්‍ර කිරි ටොෆි සහ තේ ලබාදී නින්ද යාමෙන් අනතුරුව උපක්‍රමශීලීව හරක් කටාව වැසිකිළියට රැගෙන ගොස් ඔහුගේ අත් මංචු බුරුල් කර තිබිණි.
අනතුරුව හරක් කටා නැමැත්තා විශේෂ කාර්ය බළකාය සෙබළකුගේ ගිනි අවිය උදුරාගෙන පළා යාමට උත්සාහ කිරීමේ දී දැඩි පරිශ්‍රමයක් දරා සෙසු නිලධාරීන් ගෙන් සහයෙන් එය වළක්වා තිබිණි.
The post හරක් කටාගේ සිද්ධියට සම්බන්ධ තවත් මත්ද්රව්ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.