ලබන වසරේදී අධ්යාපනයේ පරිවර්තනීය වෙනසක් සිදු කරනවා – අධ්යාපන ඇමති
2024 වර්ෂයේ පළමු පාසල් වාරය පෙබරවාරි මැද භාගයේදී ආරම්භ කිරීමට නියමිත බවත් ඊට පෙර සියලු පාසල් දරුවන්ට පෙළපොත් සහ නිල ඇදුම් ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
ලබන වසරට අදාළ පෙළපොත් ප්‍රාදේශීය මධ්‍යස්ථානවලට බෙදා හැරීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ලබන වසරේදී අධ්යාපනයේ පරිවර්තනීය වෙනසක් සිදු කිරීම සඳහා පියවර ගන්නා බවයි.
පාසල් පෙළපොත් නොමිලේ ලබා දීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ලබන වසරට අදාළව මුද්‍රණය කළ පිරිවෙන් සහ පාසල් පොත් ප්‍රධාන ගබඩාවෙන් ප්‍රාදේශීය මධ්‍යස්ථානවලට බෙදා හැරිමේ සමාරම්භය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
සමස්ත පෙළපොත් අවශ්‍යතාවයෙන් 40%ක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මුද්‍රණය කරන අතර මිලියන 13ක පොත් ප්‍රමාණයක් මේ වන විට මුද්‍රණය අවසන් කර තිබෙනවා.
එලෙස මුද්‍රණය කළ පොත් ප්‍රාදේශීය මධ්‍යස්ථානවලට බෙදා හැරීම මෙහිදී සිදුවනවා.
එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්වුණා.
The post ලබන වසරේදී අධ්යාපනයේ පරිවර්තනීය වෙනසක් සිදු කරනවා – අධ්යාපන ඇමති appeared first on ITN News.