කිරම ආරේ දිය නෑමට ගිය 13 හැවිරිදි පාසල් සිසුවා දියේ ගිලී මරුට
නිල්වලා ගඟේ අතු ගංගාවක් වන කඹුරුපිටිය, සපුගොඩ ප්‍රදේශයේ කිරම ආරේ දිය නෑමට ගිය 13 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කඹුරුපිටිය උල්ලල ප්‍රදේශයේ පදිංචිව සිටි තාරුෂ දිනුවර නැමති මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි.
ඔහු පාසලේ 14න් පහළ හොකී කණ්ඩායම නියෝජනය කළ පාසල් ශිෂ්‍යයෙකි.
The post කිරම ආරේ දිය නෑමට ගිය 13 හැවිරිදි පාසල් සිසුවා දියේ ගිලී මරුට appeared first on ITN News.