නිපා ආවොත් මුහුණදෙන්න සෞඛ්ය ඇමති සූදානමින්
නිපා වයිරසයෙන් මෙරටට මෙතෙක් තර්ජනයක් නොමැති වුවද ඉන් ආරක්ෂාවීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සම්බන්ධ වෙමින් නිරන්තරයෙන් සාකච්ඡා පවත්වන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
කිසියම් අයුරකින් වයිරසය රටට ඇතුළුවුවහොත් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද සැළසුම් පවතින බවයි අමාත්‍යවරයා මහනුවර පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.
නිපා වයිරසය ආසාදනය වන්නේ ඌරන් වවුලන් වැනි සත්ත්වයන් මගින් බවටයි මේ වන විට හඳුනාගෙන තිබෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙම සතුන් ආහාරයට ගෙන ඇති පලතුරු මෙන්ම එම සතුන්ගේ මල අපද්‍රව්‍ය මගින් ද වයිරසය ආසාදනය විය හැකියි.
වයිරසය ආසාදනය වූ පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුටද මෙය වැලකෙන බවට හඳුනාගෙන තිබෙනවා. නිපා වයිරසය පාලනය සදහා මේ වන තෙක් එන්නතක් හදුනාගෙන නොමැති අතර පවතින රෝග ලක්ෂණවලට අනුව ඖෂධ ලබාදීම සිදු කෙරෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.
නිපා වයිරසය හදුනාගැනීම සදහා අවශ්‍ය සියලු උපකරණ කට්ටල ඇණවුම් කර ඇති අතර අදාළ පියවර ද ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
මේ සදහා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ද සූදානමින් සිටින බව එම පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
The post නිපා ආවොත් මුහුණදෙන්න සෞඛ්ය ඇමති සූදානමින් appeared first on ITN News.