වැලි මැස්සාගෙන් මහනුවර දිස්ත්රික්කයට බලපෑම්
වියළි කලාපයේ බහුලව දැකිය හැකි වැලි මැස්සාගේ උවදුර මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ සහ හසලක ප්‍රදේශ කරා මේ වන විට ව්‍යාප්තවී තිබෙනවා.
මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හසලක ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පුද්ගලයන් රැසකට එම එම චර්ම රෝගයේ පීඩා එල්ල වී තිබෙනවා.
වැලි මැස්සා හේතුවෙන් ලිෂ්මනයිසිස් (LEISHMANIASIS) නමැති චර්ම රෝගය වැළදෙන අතර මිනිපේ සහ හසලක ප්‍රදේශවල කුඩා වැඩිහිටි භේදයෙන් තොරව සැලකිය යුතු පිරිසකට චර්ම රෝගය වැළදී තිබෙනවා.
එබැවින් රෝගය කඩිනමින් පාලනය කිරීම සඳහා ප්‍රතිකාර ලබාදීමේ වෛද්‍ය සායනයක් ඉකුත්දා (25) හසලක ප්‍රාදේශීය රෝහලේදී පැවැත්වුණා.
වැලි මැස්සා නම් කෘමියා දිවයිනේ වෙනත් ප්‍රදේශවලින් හමුවන නමුත් මේ වන විට හසලක, මිනිපේ, මහියංගනය වැනි ප්‍රදේශවල බහුලව දැකිය හැකි බව විශේෂඥ වෛද්‍යවරිය පැවසුවා.
සවස් හා රාත්‍රී කාලයේදී, ශරීරයේ නිරාවරණය වූ ස්ථානවලට දෂ්ඨ කරන මෙම කෘමියා ජලය රැදෙන සිසිල් ස්ථානවල බිත්තර දමා බෝවන බව ඇය ප්‍රකාශ කළා.
නිවාස, කාර්යාල, ගෙවතු හා පොදු ස්ථාන පිරිසිදුව පවත්වා ගැනීම මගින් වැලි මැස්සා යම් පාලනයකට ලක් කළ හැකි බවත් කෘමි දෂ්ඨනයක් සිදුවී ඇතැයි සැක සිතන්නේ නම් නොපමාව රජයේ රෝහලක් කරා යොමු විය යුතු යැයි චර්ම රෝග විශේෂඥ වෛද්‍ය එම්.ආර්.එෆ්.ෂිරීන් මහත්මිය මෙම වෛද්‍ය සායනයේදී සඳහන් කළා.
The post වැලි මැස්සාගෙන් මහනුවර දිස්ත්රික්කයට බලපෑම් appeared first on ITN News.