මාලදිවයින් ජනාධිපතිවරණය ලබන 30 වනදා
මාලදිවයින් ජනාධිපතිවරණය එළැඹෙන 30 වනදා පැවැත්වෙනවා.
පෞරාණික වෙරළ, කොරල්පර සහ විවිධ සාගර ජීවීන් සඳහා වඩාත් ප්‍රසිද්ධ මාලදිවයින, භූ දේශපාලනික වශයෙන් අතිශය වැදගත් රටක්.
සැප්තැම්බර් 30 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි සහ විපක්ෂ අපේක්ෂක මොහොමඩ් මුයිසු අතර තියුණු තරගයක් ඇතිවන බවට දේශපාලන විචාරකයින් පවසනවා.
මාලදිවයිනේ ජනාධිපති අපේක්ෂකයින් දෙදෙනා විදේශ ප්‍රතිපත්ති අතින් වෙන වෙනම චීනය සහ ඉන්දියාව සමඟ කටයුතු කිරීම හේතුවෙන් මෙම මැතිවරණය එම රටවල් දෙක අතර පැවැත්වෙන මැතිවරණයක් ලෙස ද හැදින්වෙනවා.
ගුවන් යානා සහ බෝට්ටු මගින් ඡන්දදායකයින් දැනුවත් කිරීමට අපේක්ෂකයින් මාලදිවයිනේ දූපත් වෙත ගමන් කරමින් සිටිනවා.
ඉන්දියාව හා චීනය මාලදිවයිනට යටිතල පහසුකම් සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය සහ ප්‍රදාන වශයෙන් ඩොලර් මිලියන සිය ගණනක් ලබා දී තිබෙනවා.
එහෙත් මෙවර මැතිවරණයේ දී චීනය ඉදිරියෙන් සිටිනවා.
The post මාලදිවයින් ජනාධිපතිවරණය ලබන 30 වනදා appeared first on ITN News.