කත්මණ්ඩු යන්න තිබූ ශ්රී ලන්කන් ගුවන් යානය නියමිත වෙලාවට ගිහින් නැහැ – උදෑසන 7.15සිට මගීන් යානය ඇ...
නේපාලයේ කත්මණ්ඩු නුවර බලා අද (01 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ගුවන් යානය ප්‍රමාද වීම නිසා ගුවන් මගීන් 200 කට අධික පිරිසක් ගුවන් තොටුපොළ තුළ අසීරුතාවට පත් වී සිටි බව වාර්තා වනවා.
එම ගුවන් මගීන් අතර දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජජයකොඩි මහතා ද සිටි බවයි වාර්තා වුණේ.
මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 181 දරන ගුවන් යානය අද (01) උදෑසන 08.20 ට කටුනායක ගුවන් තොටුපොළෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබුනා
ඒ සදහා ගුවන් මගීන් 200 කට අධික පිරිසක් උදෑසන 07.15 ට මෙම ගුවන් යානය තුළට නංවා තිබෙනවා.
එහෙත් මෙම ගුවන් යානය උදෑසන 11.00 වන තෙක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව නොගොස් තිබූ අතර , ඒ වනතෙක් එම ගුවන් මගීන් ද ගුවන් යානය තුළ රැඳී සිට තිබෙනවා.
නේපාලයේ භූ විෂමතාව අනුව කඳුකර රාජ්‍යයක් වන අතර , සවස් කාළය වනවිට එහි කත්මණ්ඩු නුවර ගුවන් තොටුපොළ ඇතුළු ප්‍රදේශය මීදුමෙන් වැසී යන බැවින් මෙම ශ්‍රී ලන්කන් යූ.එල්.- 181 දරන ගුවන් ගමන උදෑසන පිටත්වීමට නොහැකි වීම නිසා , බොහෝ විට අතහැර දැමීමට සිදු විය හැකි බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කළේය .
පසුව මෙම ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වී ඇති බැවින් මෙම ගුවන් ගමන සදහා වෙනත් ගුවන් යානයක් ලබා දෙන බව ප්‍රකාශ කළ ද , එය දහවල් වනතෙක් ඉටු වී නැහැ
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මේ පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා වගකිවයුතු බවයි.
මෙම ගුවන් යානය තුළ නේපාලයේ කත්මණ්ඩු නුවර වෙත ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානා මගින් වෙනත් ගමනාන්ත වෙත යන විදේශීය සංචාරකයන් විශාල පිරිසක් සිටින බව ද හෙතෙම ප්‍රකාශ කළා
මේ පිළිබඳව ගුවන් තොටුපොළ බලධාරීන්ගෙන් විමසූ විට මෙම සිදුවීම තාක්ෂණ නිලධාරීන් සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නිසා හට ගෙන ඇති බවත් , මෙම ගුවන් ගමන සඳහා වෙනත් ගුවන් යානයක් ලබා දෙන බව ප්‍රකාශ කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකශ කළා
සේම මේ වනවිට ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් , මාලදිවයින මාලේ , ඉන්දියාවේ චෙන්නායි , බංග්ලාදේශයේ ඩකා සහ ජපානයේ නරීටා සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ගුවන් යානා ප්‍රමාද වී පැමිණෙන බවට තොරතුරු වාර්තා වනවා.
මෙසේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ප්‍රමාද වී පැමිණෙන ගුවන් යානා යළිත් ආපසු පිටත් වීම ද ප්‍රමාද වී සිදු වන බව ද ගුවන් තොටුපොළ බලධාරීන් ප්‍රකාශ කලා
The post කත්මණ්ඩු යන්න තිබූ ශ්රී ලන්කන් ගුවන් යානය නියමිත වෙලාවට ගිහින් නැහැ – උදෑසන 7.15සිට මගීන් යානය ඇතුළේ appeared first on ITN News.