ශ්රී ලංකාව හා ඇමෙරිකාව අතර රාජ්ය තාන්ත්රික සබඳතා ශක්තිමත් වෙයි
ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර රාජ්ය තාන්ත්රික සබඳතා හා මිත්‍රත්වයට වසර 75 ක් පිරීම නිමිත්තෙන් වොෂින්ටන් DC හි ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ප්‍රමුඛ පිරිස එම තානාපති පරිශ්‍රයේ සැප්: 27 දා පස්වරුවේ විදේශ ඇමති අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කල උත්සවය හරහා දෙරට අතර සබඳතා වඩාත් ශක්තිමත් වූ බව මහින්ද සමරසිංහ සිය මුහුණු පොතේ සඳහන් කර තිබෙනවා.
මෙම අවස්ථාවට ධවල මන්දිරය, රාජ්‍ය දෙපාර්තමේන්තුව, ඇමෙරිකානු භාණ්ඩාගාරය, ආරක්ෂක, වානිජ දෙපාර්තමේන්තුව, US Aid, ලෝක බැංකුව , IMF ඇතුළු ඇමෙරිකානු රජයේ හා සෙසු ආයතන වල ඉහළම ප්‍රබලයන් හා සෙනෙට් හා කොංග්‍රස් සභිකයන් මෙන්ම තානාපතිවරු හා ලාංකිකයන් ඇතුළු 400 ක් එක්වූ බව සඳහන්.
තානාපති මහින්ද සමරසිංහ මහතා පල කළ අදහස්.
දෙරටේ මිත්‍රත්වය ඉතිහාසගතයි. ඇමෙරිකානු ජාතික ඹිල්කට්තුමා ලංකාවට පැමිණ පාසල් ඇරඔුවා. බෞද්ධ කොඩිය නිර්මාණය කලා. අපේ කුමාරස්වාමි මහතා ඇතුළු අය ලංකාවේ කලාව හා බෞද්ධ පන්සල් ඇමෙරිකාවේ ඇරඔුවා. ලංකාව සුනාමියට බිලිවී පැය 48 ක් තුළ ඇමෙරිකානු හිටපු ජනපතිවරු තිදෙනෙක් ලංකාවට පැමිණ උපකාර කලා. ඇමෙරිකානු දරුවන් තම දිවා ආහාර මුදල් ලංකාවේ දරුවන්ගේ පාසැල් අධ්‍යාපනයට තෑගි කලා. අප දෙරට අතර මිත්‍රත්වය සදාතනිකයි”
මුහුණු පොතේ සඳහන් කර තිබු වැඩිදුර තොරතුරු පහතින්…
සෙනෙට් සභික ක්‍රිස් වෑන් හොලන්ඩ් මහතා : “ජනපති රනිල් මැතිතුමා සමඟ මම සති දෙකකට පෙර නුවර පෙරහැර නැරඔූවා. ඇමෙරිකානු වානිජ මණ්ඩලය හා කතා කොට ලංකාවට උදව් කරන හා ආයෝජන ගෙනයන වැඩ පිළිවෙළ හදනවා. තානාපකි මහින්ද ගේ කැපවීම අගය කරනවා. දෙරට අතර සබඳතාව තව වසර දහස් ගණන් පවතීවි.” ඔහු කීවේය.
විදේශ ඇමති අලි සබ්‍රි මහතා කතා කරමින් , ” ආර්ථිකය සහජීවනය හා සෙසු ක්ෂ්‍රේත්‍ර වලට ඇමෙරිකාව සෑමවිටම ලංකාවට සමීපම රටක් ලෙස දැක්වූ සහාය අගය කරන අතර ඉදිරියටත් එම සුහද බව හා සහාය වර්ධනයවීම ඒකාන්තයි. තානාපති මහින්ද මෙම තනතුරට පත්වීමෙන් දෙරට අතර සබදතා තරවූණා. අපේ විදේඹ සේවයත් ශක්තිමත් වූණා” යන්න අවධාරණය කළේය.
The post ශ්රී ලංකාව හා ඇමෙරිකාව අතර රාජ්ය තාන්ත්රික සබඳතා ශක්තිමත් වෙයි appeared first on ITN News.