ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව කැනඩා ඩොලරයේ අගය ඉහළට
ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව කැනඩා ඩොලරයේ අගය ඉහළ ගොස් තිබෙනවා.
මාස 6ක පමණ කාලයකට පසු වාර්තා වු ඉහළම අගය මෙය බවයි කැනඩා මහ බැංකුව නිවේදනය කරන්නේ.
ඊයේ දිනයේ දී ඇමෙරිකා ඩොලරයේ වටිනාකම සටහන් වුයේ කැනඩා ඩොලර් 1යි ශත 37ක් ලෙසයි. පසුගිය සතියට සාපේක්ෂව කැනඩා ඩොලරයේ වටිනාකම 0.4%කින් ඉහළ ගොස් තිබෙනවා.
බැංකු පොලී අනුපාත ඉහළ දැමීම හා කැනඩා රැකියා වෙළදපොළට නව රැකියා 64000කට ආසන්න සංඛ්‍යාවක් එක්වීම මෙලෙස කැනඩා ඩොලරය ශක්තිමත් වීමට හේතු වී තිබෙනවා.
ඔක්තෝබර් 25 වන දින කැනඩා මහ බැංකුව එහි නව ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමට නියමිත අතර පොලී අනුපාත තවදුරටත් ඉහළ දැමිය හැකි බවටයි විශ්ලේෂකයින් අනාවැකි පළ කරන්නේ.
The post ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව කැනඩා ඩොලරයේ අගය ඉහළට appeared first on ITN News.