අයහපත් කාලගුණයෙන් 75,000 කට අධික පිරිසකට බලපෑම්
අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික් 13ක ජනතාව පීඩාවට පත්ව සිටිනවා.
අධික වර්ෂාවෙන් වැඩිම බලපෑම් එල්ල වූ මාතර දිස්ත්‍රික්කයේ පවුල් හත්දහස් හත්සිය අසූ තුනකට අයත් එකොළොස් දහසකට වැඩි පිරිසක් ආපදාවට ලක්ව ඇති බව ජාතික අපදා සහන සේවා මධ්‍යස්ථානය පවසනවා.
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පාසල් අද සහ හෙට දිනයන්හිදී වසා තැබෙන අතර ඊයේ මෙන්ම අද දිනයේත් එම දිස්ත්‍රික්කවලට වැසි රහිත කාලගුණයක් පවතිනවා.
අධික වර්ෂාවත් සමග පළාත් 8ට අයත් දිස්ත්‍රික් 13ට බලපෑම් එල්ලවුණා. ඒ අනුව සමස්තයක් ලෙස පවුල් 20,480ට අයත් පුද්ගලයින් 75,734 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.
අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුරෙන් වැඩිම බලපෑම් එල්ලවූයේ මාතර දිස්ත්‍රික්කයටයි. එහි පවුල් 7,783ට අයත් පුද්ගලයින් 27,517 දෙනෙකු ආපදාවට ලක්ව ඇති අතර 3,336 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙනවා.
ඔවුන් සදහා ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල මැදිහත්වීමෙන් සිදුකෙරෙනවා.
යුද හමුදාව, නාවික හමුදාව මෙන්ම සහන කණ්ඩායම් ද ඊට දායකත්වය ලබාදෙනවා.
මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස, පිටබැද්දර, හක්මන ඇතුළු ප්‍රදේශ රැසක් තවමත් ජලයෙන් යටව පවතිනවා. අකුරැස්ස කලවැල්ලගොඩ කන්දේ කොටසක් නිවසක් මතට කඩාවැටීම හේතුවෙන් දේපල රැසකට හානි සිදුව තිබෙනවා.
එම ප්‍රදේශයේ තවත් බොහෝ පිරිසක් පදිංචිව සිටින අතර මෙම අවදානම පිළිබද බලධාරීන් ක්‍රියාත්මක නොවීම පිළිබද ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
ගිං ගගේ ජල මට්ටම තවමත් ගංවතුර අවදානම් තත්ත්වයේ පවතිනවා. පහත් බිම් රැසක් ජලයෙන් යටව පවතින අතර ප්‍රධාන මාර්ග තවමත් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනා ගමනයට බාධා එල්ලවී තිබෙනවා.
මාපලගම, නාගොඩ, කුරුපනාව, උනන්විටිය, අගලිය, බද්දේගම ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් දෛනික කටයුතු අඩාලවී තිබෙනවා.
ප්‍රදේශ කිහිපයකට නිකුත් කර ඇති නායයාමේ අනතුරු ඇගවීම් ද තවදුරටත් දීර්ඝ කර ඇති බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුර සහ උතුරුමැද පළාත්වලත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී මිලිමීටර් 75 ඉක්මවු තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
The post අයහපත් කාලගුණයෙන් 75,000 කට අධික පිරිසකට බලපෑම් appeared first on ITN News.