කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණයේ රෙජිස්ට්රාර්වරිය රිමාන්ඩ්
කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට දඩුවම් නියම කර තිබූ සැකකරුවෙකුට නිකුත් කර තිබූ විදේශ ගමන් තහනම ඉවත් කර ඇති බවට ආගමන විගමන පාලක ජෙනරාල්වරයාට ලිපියක් නිකුත් කළ බව කියන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ලබන 25 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කෙරුණා.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අස්ථානගත වූ නඩු ගොනුවක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කෙරුණා.
ඒ පිළිබද තවත් කිහිප දෙනෙකුගෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබෙනවා.
The post කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණයේ රෙජිස්ට්රාර්වරිය රිමාන්ඩ් appeared first on ITN News.