අධ්යාපනයේ විප්ලවීය පරිවර්තන වෙනස අවශ්යමයි – අධ්යාපන ඇමති

- itnnews.lk

පාසල් විෂය මාලාවට කොටු නොවී ඉන් බැහැරට ගමන් කරන අධ්‍යාපන පරිවර්තනීය වෙනසක් කරා වහා ගමන් කළ යුතුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

පහේ ශිෂ්‍යත්ව අභියෝගයට දරුවන් සූදානම් කිරීමේ දී ප්‍රධාන විෂය ක්ෂේත්‍ර තුනක නිපුණතා වර්ධනයට පමණක් අවධානය යොමු කරන නිසා දරුවන්ගේ සමබර කුසලතා ඉහළ නැංවීමට අත්‍යවශ්‍ය අනෙකුත් ප්‍රධාන විෂය නිපුණතා හතක් පමණ මගහැරෙන බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් පහ ශ්‍රේණිය පසු කර තරගයෙන් බැහර වී බලන විට එම විෂය සම්බන්ධ මොළයේ වර්ධන හැකියාව මොට වී ඇති බවත් මෙම ඛේදජනක තත්ත්වයෙන් මිදීම සඳහා අධ්‍යාපන පරිවර්තනීය වෙනසක් කරා යා යුතු බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.

විද්‍යාව, තාක්ෂණය, ඉංජේනේරු විෂය, ගණිතය හා සෞන්දර්යාත්මක විෂය යන මනා විෂය සංකලනයකින් යුක්ත ව දරුවන්ගේ නිපුණතා වර්ධක ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත ව ලොව දියුණු රටවල භාවිත කරන නව STEAM අධ්‍යාපන සංකල්පය මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ ක්‍රියාවට නැංවීමේ ප්‍රවර්ධන වැඩසටහනේ සමාප්ති උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ දී අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ය.

දිවයින පුරා පිහිටි සියලු පාසල් නියෝජනය වන පරිදි විවිධ ජාතීන්ට, ආගම්වලට අයත් උසස් පෙළ විද්‍යා, ගණිත විෂය ධාරා හදාරන සිසුන් පන්සිය දෙනකු සහභාගී කරගනිමින් පැවති මෙම වැඩමුළුවේ දී සිසුන් විවිධ තාක්ෂණික හා අධ්‍යයන ආයතනවලට යොමු කර සෛද්ධාන්තික විෂය දැනුම ප්‍රායෝගිකත්වය හා මුසු කර ලබා දීමට පියවර ගත් බවත් එහි දී භාෂා, ජාති වැනි කිසි දු වාර්ගික බාහිර වෙනසකින් තොර ව එක ම අධ්‍යයන අරමුණක සිසුන් සාර්ථක ව රැඳවීම ප්‍රධාන අපේක්ෂාවක් වූ බවත් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

මෙම STEAM අධ්‍යාපන ප්‍රවර්ධන වැඩසටහන මගින් ඉදිරියේ දී මෙරට පාසල්වල ස්ටීම් අධ්‍යාපන ක්‍රියාවලිය සිදු කළ යුතු ආකාරය පිළිබඳ පූර්ව සමීක්ෂණයක් සිදු කෙරෙනු බව පැවසූ අමාත්‍යවරයා, ඉදිරියේ දී කෘත්‍රීම බුද්ධි විෂය ව්‍යාප්තියත් සමඟම ලෝකය පුරා දැනට පවතින බොහෝ රැකියාවන් මුළුමනින් ම ඉවත් වන බවත් වෛද්‍යවරුන්, නීතිඥයන් වැනි වෘත්තිකයන්ගේ පවා රැකියා ඉහළ අභියෝගයකට ලක් වන බවත් ඒ තත්වයට මුහුණ දීමේ සහ ඔරොත්තු දීමේ හැකියාව මෙරට අනාගත පරපුරට ලබා දීමට අවශ්‍ය ජාත්‍යන්තර මට්ටමේ නව තාක්ෂණික අධ්‍යාපන ක්‍රමවේදයකට අධ්‍යාපන පද්ධතිය අනුගත කරවීමේ පෙරපුහුණුවක් වශයෙන් මෙම වැඩමුළුව හැඳින්විය හැකි බවත් සඳහන් කළේ ය.

මෙය කිසි සේත් උපකාරක පන්ති මගින් සපුරාගත හැකි විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේදයක් නොවන බවත් එය බහුවිධ කුසලතා පූර්ණ නිපුණතා පාදක ක්‍රමවේදයක් බවත් හෙතෙම පැවසී ය.

ඔක්තෝබර් 12, 13 සහ 14 යන තෙදින පුරා පැවති මෙම වැඩමුළුවේ දී සිසුන්ට ජාතික අධ්‍යාපන ආායතනය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා බයෝ තාක්ෂණ ආයතනය, එන්එස්බීඑම් හරිත සරසවිය, කොළඹ වරාය නගරය සහ කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය වැනි ආයතන පරිශ්‍රයන්හි සහභාගීත්ව නිරීක්ෂණ අද්දැකීම් ප්‍රායෝගික ව ලැබීමේ අවස්ථා උදා වී ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික විද්‍යා පදනම හා ජාතික අධ්‍යාපන ආයතනය එක් ව සංවිධාන කරන ලද මෙම වැඩමුළුවට ගුරු භවතුන් 50 දෙනකු ද සහභාගි වී ඇති අතර අනුග්‍රහක ආයතනවල මූල්‍ය හා අනෙකුත් අනුග්‍රහයන් ලැබී ඇති බැවින් රජයේ වියදමකින් තොර ව වැඩසටහන සාර්ථක ව පවත්වා අවසන් කිරීමට හැකි වූ බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

උසස් අධ්‍යාපන ආයතන ඇතුළු අධ්‍යාපනයට සම්බන්ධ බොහෝ ආයතන අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ම පැවතීම මේ වැඩමුළුව සාර්ථක ව පවත්වා අවසන් කිරීමට මනා පිටු බලයක් වූ බව ද පැවසූ අමාත්‍යවරයා දිවයිනේ නන් දෙසින් පැමිණ වැඩමුළුවට සහභාගි වූ දරුවන් සිය නිවෙස් කරා ප්‍රවේශමෙන් යන තෙක් ම අධීක්ෂණ මෙහෙයවීම් කටයුතු සිදු කෙරෙන බව ද වැඩිදුරටත් පැවසීය.

The post අධ්යාපනයේ විප්ලවීය පරිවර්තන වෙනස අවශ්යමයි – අධ්යාපන ඇමති appeared first on ITN News.

You may also like

- island.lk

Minister of Justice, Prison Affairs and Constitutional Reforms Dr. Wijeyadasa Rajapakshe, addressing a press briefing held at the Presidential Media Centre today (12) under the theme “Collective Path to a Stable Country” announced plans to enact approximately 15 crucial laws in the upcoming weeks. Highlighting progress, he noted that over the past 18 months, around […]

- colombogazette.com

President Ranil Wickremesinghe has appointed a Committee of Inquiry to investigate the actions taken by the State Intelligence Service (SIS), Chief of National Intelligence (CNI), and other relevant authorities concerning prior intelligence received about the bomb attacks on 21 April 2019. This decision follows the findings of the Final Report of the Commission of Inquiry, […]

- adaderana.lk

The Central Bank of Sri Lanka (CBSL) announced that it functions as the regulatory and supervisory authority of Money or Value Transfer Service (MVTS) providers in Sri Lanka, effective from June 03, 2024.

- island.lk

The New York Times is writing articles about it. Drake has been making money off it. Baseball fans have been triggered by it. Look out, America, our beautiful game is starting to take you over. India themselves are somewhere near the front of this charm offensive, eager to tap into a market that may add […]

- island.lk

Australia marched into the Super Eight of the T20 World Cup with a display of ruthless efficiency against Namibia as Adam Zampa brought up a century of T20I wickets before the top order needed less than the powerplay to chase down 73. Mitchell Marsh’s team continued to look like one of the best-rounded and well-drilled […]

- adaderana.lk

President Ranil Wickremesinghe states that at present, certain politicians are making extensive promises without presenting any concrete policies to drive the country s economic growth.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc