ගාසා තීරයේ ඊශ්රායල් ගොඩබිම් ප්රහාරයක් කෙසේ සිදුවනු ඇති ද?
ගාසා තීරයේ උතුරු ප්රදේශයේ වෙසෙන මිලියන 1.1ක ජනතාවට එහි දකුණු ප්රදේශය වෙත ඉවත්ව යන ලෙස ඊශ්රායල් හමුදාව කළ නියෝගය අනුව මේවන විටත් ලක්ෂ 5කට අධික පිරිසක් උතුරු ගාසා තීරයෙන් ඉවත්ව ඇත. ඒ අතරතුර, ඊශ්රායලය එරට දේශසීමා මායිම ආසන්නයට දස දහස් ගණනක් හමුදා භටයින්, යුද්ධ ටැංකි සහ කාලතුවක්කු රැස් කරමින් සිටිති.