සමාජ මාධ්ය ඔස්සේ අපහාස කිරීම් හා පළිගැනීම් වැළැක්වීමට නියාමනයක් අවශ්යයි – වජිර

- itnnews.lk

සිංගප්පූරුවේ තොරතුරු සන්නිවේදන මාධ්‍ය අධිකාරි පනත එරට දියුණුවට ඉතාමත් වැදගත් වූවා සේම සත්‍ය තොරතුරු දැනගැනීමේ පුරවැසියාට ඇති අයිතිය සුරක්ෂිත කරමින් ශ්‍රී ලංකාව ද ලෝකයේ ඉහළට ඔසවා තැබීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

සාමාජ මාධ්‍ය නිදහස ඕනෑම අයෙකුට ඇති නමුත්, එය අනෙකාට අපහාස කිරීම හෝ පළිගැනීමේ චේතනාන්විතව යොදා ගැනීම වැළැක්වීමට නීති රීති ගෙන එන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාමෙම අදහස් පළ කර සිටියේ “ස්ථාවර රටකට- සැවොම එක මගකට” මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම මඟින් පර්යේෂණාත්මක මාධ්‍යවේදියක් මෙන්ම පර්යේෂණාත්මක පුරවැසියකු නිර්මාණය වන බවද වජිර අබේවර්ධන මහතා පෙන්වා දුන්නා

අපහාසාත්මක හා අසත්‍ය තොරතුරු මාර්ගගත ක්‍රමය හරහා ලබාදෙන පුද්ගලයින්ට දඩුවම් ලබා දීම සිදුවන්නේ අධිකරණ ක්‍රියාවලියක් හරහා බවත් කොමිසට දඩුවම් ලබාදීමේ අයිතියක් නොමැති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා

ලෝකය තුළ මෙන්ම ශ්‍රී ලංකාව තුළත් සන්නිවේදනය දියුණුවීමත් සමඟ එහි ප්‍රතිලාභ ජනතාට ලැබී තිබෙනවා. නමුත් සන්නිවේදනය පුරවැසියා නොමඟ යැවීමට මෙන්ම අපහාස කිරිමට යොදා ගැනීම අවසානාවත්ත තත්ත්වයක් බව කිවයුතුයි. ඒ නිසා මෙම සමාජ මාධ්‍ය නිර්මාණය කළ තැනැත්තන්ම මේ වන විට ඒ සඳහා නීති රීති ගෙන ඒමටත් කටයුතු කර තිබෙනවා.

සමාජ ජලා නියාමනයක අවශ්‍යතාවය පිළිබඳ කතිකාතවක් ශ්‍රි ලංකාව තුළත් පවතිනවා. 1978 න් පසුව ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍යය වෙනස් වෙමින් ඉදිරියට පැමිණ තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහෝදර ශාන් වික්‍රමසිංහ මැතිතුමා විසින් ITN ආයතනය ආරම්භ කළා. පසුව එය රජයට පවරා ගත්තා. ඉන්පසුව 1978 න් පසු ශ්‍රී ලංකාවේ තිබු එකම ගුවන් විදුලිය වෙනුවට ගුවන් විදුලි නාලිකා රාශියක්, ඒ වගේම රූපවාහිනි නාලිකා විශාල ප්‍රමාණයක් ආරම්භ කිරීමට රජය විසින් අවස්ථාව ලබා දුන්නා. සියලු රූපවාහිනී මාධ්‍ය පාලනය වුණේ රූපවාහිනි පනතෙන් පමණයි. එය කිසිසේත්ම සාධාරණ හෝ මාධ්‍ය දියුණුවට සුදුසු තත්ත්වයක් නොවේ.

එසේ නම් ලෝකයේ දියුණු වූ රටවල් තොරතුරු සන්නිවේදනය, එසේ නොමැති නම් මාධ්‍යය නිවැරදි කිරීම සඳහාත් ජනතාවට නිවැරදි තොරතුරු සැපයීම සඳහාත්, නීති රීති පද්ධතිය සකස් කරගෙන තිබෙනවා. උදාහරණයක් ලෙස සිංගප්පූරුවේ තොරතුරු සන්නිවේදන මාධ්‍යය අධිකාරී පනත එහි දියුණුවට ඉතාමත් වැදගත් වී තිබෙනවා

විශේෂයෙන් තරුණ පරම්පරාව අද Facebook, Twitter, Tiktok, Instagram සහ Youtube වැනි සමාජ මාධ්‍යය හරහා ලබා දෙන ඇතැම් පණිවුඩ පිළිබඳ සැලකූ විට ඔවුන් ඉතාමත් අසහනකාරී මානසිකත්වයකින් සිටින බව පෙනී යනවා. ප්‍රේම සම්බන්ධතා බැඳ වැටීම් වැනි සිදුවීම සමඟ සියදිවි හානිකර ගැනීම දක්වා එම අවාසනාවන්ත තත්ත්වය වර්ධනය වී තිබෙනවා. මේ සඳහා වන සමාජ මාධ්‍යවල බලපෑම අවම කර ගැනීම වෙනුවෙන් නීති රීති අවශ්‍ය බව යෞවන යෞවනියන් ද අද පිළිගන්නා කරුණක්.

ලෝකයේ රටවල් Facebook ඇතුලු අනෙකුත් තොරතුරු මාර්ග ජනතාවට හානිදායක ලෙස බලපෑම පාලනය කරමින්, ජනතාවට වඩාත් යහපත් ලෙස නිවැරදි තොරතුරු සැපයීමටත්, එමෙන්ම ව්‍යාජ තොරතුරු සපයන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමත් කටයුතු කර තිබෙනවා. මෙය දියුණු වන සමාජයකට ඉතා වැදගත්ම අංශයක් බව අප මතක තබා ගත යුතුය.

එසේ නම් ශ්‍රී ලංකාව රටක් ලෙස ලෝකය හමුවේ අභිමානවත්ව නැගි සිටීමට නම් මාධ්‍යයේ කාර්යය භාර්යය ශක්තිමත් කරගත යුතුව තිබෙනවා. ශ්‍රී ලංකාවේ සියලු මාධ්‍යය ආයතන සිංගප්පූරුවේ මාධ්‍යය පනත කියවා ගන්නවා නම් ඉතා වැදගත් බව කිවයුතුයි. ඔවුන්ට විකාශන සේවා බලපත්‍රයක් ලබා දීමටත්, එය අවලංගු කිරීමටත්, වැරදි තොරතුරු සැපයීම තුළ ඒ සඳහා එය නිවැරදි කරගැනීම සඳහා අවශ්‍ය කරන දඬුවම් නියම කිරීමටත් පූර්ණ බලය ලබා දී තිබෙනවා. ඒ නිසා තමයි එවැනි රටවල් ලොව බලවත් ජාතින් බවට පරිවර්තනය වී තිබෙන්නේ.

ඒ වගේම දේශපාලනය පැත්තෙන් කල්පනා කර බැලුවත්, දේශපාලනය තුළ බොරු වපුරවන මෙරට සංස්කෘතිය කඩිනමින් වෙනස් විය යුතුව තිබෙනවා. එමෙන්ම අත්‍යවශ්‍ය සත්‍යය වසන් කිරීම සිදුනොවීමට වගබලා ගැනීම මාධ්‍යයේ වගකීමක් වන බව අප මතක තබාගත යුතුයි.

උදාහරණයක් ලෙස එවැනි නියාමනයන් කිරීම, මාධ්‍යය ශක්තිමත් කිරීමක් මිස, මාධ්‍යය පාලනය කිරීමක් නොවන බව සියලු මාධ්‍යවේදීන් සහ සියලු පුරවැසියන් මතක තබා ගත යුතුයි. නිවැරදි තොරතුරු සැපයීම සමස්ත ජාතියටම හිතකර ක්‍රියාවලියක්. එය ශක්තිමත් කිරීම සඳහා සියලු ආයතන ඒකාබද්ධ වී මාධ්‍ය ආයතන වලට අදහස්, යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබෙනවා.

දැන් අපේ අසල්වැසි රට වන ඉන්දියාව Tiktok සමාජ මාධ්‍යය ඇතුලු තවත් ජංගම දුරකථන වැඩසටහන් 58 ක් තහනම් කර තිබෙනවා. කෙසේ හෝ බොහෝ දේශපාලඥයන් ඉන්දියාව ගැන කතා කරනවා, ජපානය ගැන කතා කරනවා, සිංගප්පූරුව ගැන කතා කරනවා, දකුණු කොරියාව ගැන කතා කරනවා, චීනය ගැන කතා කරනවා. ඔවුන් දියුණු ජාතීන් බවට පත්ව සිටින බව කියමින් උදාහරණයට ගන්නවා. හැබැයි ඒ දියුණු ජාතින් බවට පත්වුණු රටවල් වල තිබෙන නීති රීති පද්ධතිය හඳුනා ගැනීමට කිසිවෙකු උත්සාහ දරන්නෙ නැහැ. මැලේසියාව ගැනත් කියනවා. නමුත් එම රටවල් නීති රීති සම්පාදනය කරගනිමින් ලොව ඉදිරියේ බලවතුන් ලෙස නැගී සිටීමට ගෙන ඇති වැඩපිළිවෙළ ආදර්ශයට ගන්නේ නැහැ.

එහෙනම් ශ්‍රී ලාංකිකයන් ලෙස දැනට මෙරට තිබෙන මාධ්‍ය සංස්කෘතිය විධිමත් කර ගනිමින් එය දියුණු කර ගැනීම සඳහා නියමානුකූල කරගැනීම ඉතා වැදගත් වෙනවා. මිනිසුන් මිනිසුන්ට අපහාස කිරීම, මිනිසුන් මිනිසුන්ට බොරු චෝදනා එල්ල කිරීම, මිනිසුන් මිනිසුන් විසින් විනාශ කිරීම වැළැක්වීම නව විකාශන අධිකාරී පනත වන “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත“ මගින් සිදුවන ප්‍රධානම ක්‍රියාවලියක්.

එය රටක් ලෙස අපට ලෝකය ඉදිරියෙත් ශක්තිමත්ව පෙනී සිටීමට ඉතා වැදගත් බව ප්‍රකාශ කළයුතුයි. මෙම ස්ථාපිත කරන කොමිසම තුළින් දඩුවම් ලබාදීමට හැකියාවක් නැහැ. මහේස්ත්‍රාත් අධිකරණය හෝ වෙනත් අධිකරණයකින් පමණයි දඩුවම් ලබාදිය හැක්කේ. මෙම නව නීති රීති මඟින් පර්යේෂණාත්මක මාධ්‍යවේදීන් මෙන්ම පුරවැසියාත් බිහිවෙනවා. ජාතීන් අතර වෛරය වැපිරීමද මෙමඟින් නැතිවෙනවා. මේ ‍නීති මඟින් ජනතාවගේ ‍සත්‍ය තොරතුරු දැනගැනීමේ අයිතියද තහවුරු වෙනවා.

The post සමාජ මාධ්ය ඔස්සේ අපහාස කිරීම් හා පළිගැනීම් වැළැක්වීමට නියාමනයක් අවශ්යයි – වජිර appeared first on ITN News.

You may also like

- adaderana.lk

An ammunition explosion at a base in southwestern Cambodia on Saturday afternoon killed 20 soldiers and wounded several others, Prime Minister Hun Manet said.

- adaderana.lk

President Ranil Wickremesinghe emphasized the government s aim to create a highly competitive, export-oriented economy based on market economy, expressing full faith in the business community of the country.

- adaderana.lk

The Indian Government on Saturday said it has allowed exports of 99,500 tonnes of onions, mainly sourced from Maharashtra, to six neighbouring countries despite the ban on shipments.

- adaderana.lk

The Ministry of Education says that the cabinet memorandum submitted regarding the removal of salary disparities and allowances of the non-academic staff of state universities will be submitted to the ministerial sub-committee.

- colombotelegraph.com

[…]The post Debate Between Presidential Candidates First: A Point Of View  appeared first on Colombo Telegraph.

- adaderana.lk

The Mini Cooperation Afloat Readiness and Training (CARAT) bilateral exercise 2024 between the United States Pacific Fleet and the Sri Lanka Navy came to a successful end on Friday (26).

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc