ගාසා තීරයේ ස්ථාන කිහිපයකට ඊශ්රායලයෙන් ප්රහාර
ඊශ්‍රායලය ගාසා තීරයේ ස්ථාන කිහිපයකට අදත් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
ගත වු පැය 24 තුළ ගාසා තීරයේ ස්ථාන සිය ගණනකට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කළ බව ඊශ්‍රායල හමුදාව පවසනවා.
උමං මාර්ග මෙන්ම යුද ටැංකි නාශක මිසයිල ස්ථාන ගත කර ඇති ප්‍රදේශ රැසකට මෙම ගුවන් ප්‍රහාර එල්ල කෙරුණා.
මේ වන විට ගාසා තීරයට ජලය , විදුලිය හා ඉන්ධන සැපයිම ඊශ්‍රායලය අවහිර කර තිබෙනවා.
මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රීෂි සුනක් ඊශ්‍රායලයට පැමිණ තිබෙනවා.
ඒ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පැමිණීමෙන් දිනකට පසුවයි.
The post ගාසා තීරයේ ස්ථාන කිහිපයකට ඊශ්රායලයෙන් ප්රහාර appeared first on ITN News.