ගාමිණි දිසානායක මහතාගේ 29 වන ගුණ සමරුව අදයි
කෘතහස්ත දේශපාලනඥයෙකු මෙන්ම මහවැලි ව්‍යාපාරයේ නිර්මාතෘ වූ දිවංගත ගාමිණී දිසානායක මහතාගේ 29 වන ගුණසමරුව අදට යෙදි තිබෙනවා.
1942 වසරේ මාර්තු 20 වනදා උපත ලැබූ ලයනල් ගාමිණී දිසානායක මහතා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා නීති විද්‍යාලයට ඇතුළත්ව උපාධිය හදාරනු ලැබුවා.
1988 වසරේ ජනාධිපති නීතීඥවරයෙකු ලෙස දිවුරුම් දුන් ඒ මහතා 28 හැවිරිදි වියේදී නුවරඑළිය ආසනය ජය ගනිමින් එක්සත් ජාතික පක්ෂයෙන් පළමුවරට පාර්ලිමෙන්තුවට තේරී පත්වුයේ 1970 වසරේදීයි.
1977 වසරේ විදුලිබල වාරිමාර්ග හා මහාමාර්ග අමාත්‍ය ධුරයට පත්වූ ඔහු කඩිනම් මහවැලි ව්‍යාපාරය ආරම්භ කළේ මෙරට ඉතිහාසයේ සුවිශේෂීවූ පරිච්ඡේදයක් සනිටුහන් කරමින්.
එය මෙරට ක්‍රියාත්මක වූ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය වූ අතර කොත්මලේ, වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ, මාදුරු ඔය හා උල්හිටිය ජලාශවලට අමතරව ඉගිනිමිටිය මෙන්ම ලුණුගම් වෙහෙර ජලාශයත් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වූවක්.
ස්වර්ණ භූමි ඔප්පු ක්‍රමය ආරම්භ කරමින් සියලු දෙනාට ස්ථිර ඉඩමක හිමිකම දායදා කෙරුණේ ද ගාමිණී දිසානායකයන්ගේ සංකල්පයකට අනුවයි.
දෙවරක් මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරය හෙබවූ ඔහු 1982 වසරේ ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් දිනා දීමට ද මූලිකත්වය ගෙන කටයුතු කළා.
මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගයක් බවට පත් කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේද ගාමිණි දිසානායකයන්.
ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස මැතිවරණයට ඉදිරිපත්ව සිටියදී 1991 වසරේ අද වැනි දිනක තොටළග පැවති රැස්වීමකදී මරාගෙන මැරෙන බෝම්බයකට ගොදුරු වීමෙන් ගාමිණී දිසානායක මහතා අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගන්නා විට 52 හැවිරිදි වියේ පසුවුණා.
ඔහුගේ 29 වන ගුණානුස්මරණ උත්සවය අද පැවැත්වුණේ කොළඹ මහවැලි කේන්ද්‍රය ඉදිරිපිට පැවති පිළිරුව අභියසදීයි.
හිටපු කතානායක කරූ ජයසූරිය, සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක යන මහත්වරුන් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
The post ගාමිණි දිසානායක මහතාගේ 29 වන ගුණ සමරුව අදයි appeared first on ITN News.