සිය බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර සැමියා සියදිවි නසා ගනී
සිය බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ පුද්ගලයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසනවා
මෙම සිදුවීම වාර්තා වුණේ පූගොඩ මණ්ඩාවල ප්‍රදේශයෙන්.
පොලීසිය ප්‍රකාශ කළේ, පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බවයි.
අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විමර්ශනයේදී සැකකරු ද නිවස ආසන්න ප්‍රදේශයේ ගසක ගෙල වැලලාගෙන මියගොස් සිටියදී ඔහුගේ සිරුර ද සොයාගෙන තිබෙනවා.
The post සිය බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර සැමියා සියදිවි නසා ගනී appeared first on ITN News.