ඉන්දියාව කැනඩා ජාතිකයින්ට නැවත වීසා ලබාදීමට තීරණයක්
ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රිකයින් ආරක්ෂිත නම් කැනඩා ජාතිකයින්ට නැවත වීසා ලබාදීම ආරම්භ කරන බව ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කරනවා.
ඉන්දියාව හා කැනඩාව අතර හටගත් මතභේදාත්මක ගැටුම් හේතුවෙන් පසුගිය සැප්තැම්බර් මාසයේ දී කැනඩා ජාතිකයින්ට වීසා නිකුත් කිරීම ඉන්දියාව තාවකාලිකව නවතා දැමුවා.
පසුව දෙරටේ රාජ්‍යතාන්ත්‍රිකයින් කිහිපවරකදී ඉවත්කර ගැනීමටයි කටයුතු කෙරුණේ.
කෙසේ වුව ද කැනඩාවේ සිටින ඉන්දීය රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කැනඩා රජය අවශ්‍ය පියවර ගනු ලබන්නේ නම් පමණක් වීසා නිකුත් කිරීම යළි ආරම්භ කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් පවසනවා.
සික් ජාතික නායක හර්දීප් සිං කැනඩාවේ දී වෙඩිතබා ඝතනය කිරීමට ඉන්දීය රජය සම්බන්ධ බවට කැනඩා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කිරීමත් සමගයි දෙරට අතර මතභේදාත්මක ගැටුම් හටගත්තේ.
The post ඉන්දියාව කැනඩා ජාතිකයින්ට නැවත වීසා ලබාදීමට තීරණයක් appeared first on ITN News.