තවත් පිරිසක් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යයි
දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවූ 822 වන කණ්ඩායමට ගුවන් ටිකට්පත් ලබාදීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකෙරුණා.
නිෂ්පාදන අංශයේ රැකියා සඳහා පිටත්වන 36 දෙනෙකුගෙන් සමන්විත වූ මෙම ශ්‍රී ලාංකික පිරිස ඊයේ දින (24) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දකුණු කොරියාව බලා පිටත්ව ගියා.
එසේම දකුණු කොරියාවේ රැකියා සඳහා නැවත පිටත්වන (Re-entry) තවත් 46 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලාංකික පිරිසක් අද දින දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතයි.
The post තවත් පිරිසක් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යයි appeared first on ITN News.