ලොව වයස්ගතම සුනඛයා වන Bobi මියයයි
ලොව වයස්ගතම සුනඛයා ලෙස ගිනස් ලෝක වාර්තාවකට හිමිකම් කියන Bobi වයස අවුරුදු 31යි දින 165දී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
Bobi සුනඛයා Rafeiro do Alentejo යන සුනඛ වර්ගයට අයත් Bobiගේ මරණය පශු වෛද්‍ය Karen Becker විසින් සත්ත්ව රෝහලකදී මුලින්ම ප්‍රකාශයට පත් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
බොබිගේ අසාමාන්‍ය මහලු වියට බොහෝ රහස් තිබූ බව ඔහුගේ හිමිකරු වන Leonel Costa සඳහන් කරනවා.
එමෙන්ම සන්සුන්, සාමකාමී පරිසරයක Bobi ජීවත් වී ඇති අතර කුළුබඩු යොදා පිසින ලද මිනිසුන් ආහාරයට ගන්නා දේ පමණක් ආහාරයට ගැනීමට හුරු වී සිටි බවයි ඒ මහතා සඳහන් කරන්නේ.
සාමාන්‍යයෙන් Rafeiro do Alentejos න සුනඛ වර්ගයේ ආයු කාලය වන්නේ අවුරුදු 12-14 පමණ බව සඳහන් වනවා.
The post ලොව වයස්ගතම සුනඛයා වන Bobi මියයයි appeared first on ITN News.