සෞඛ්ය ක්ෂේත්රයේ ගැටලු විසඳමින් ගුණාත්මක සේවාවක් ලබා දීමට කැපවෙනවා
සෞඛ්‍ය ක්ෂේත්රයේ ගැටලු විසඳමින් ගුණාත්මක සේවාවක් ලබා දීමට කැප වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගනිමින් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දීයි වැඩ භාර ගැනීම සිදු කෙරුණේ.
ජානක වක්කුඹුර, සීතා අරඹෙපොළ, යන රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
සෞඛ්‍ය සේවය නිසි ලෙස නොමිලේ ලබාදෙන එකම රට ලෙස ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද පිළිගැනීමට ලක්ව ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.
The post සෞඛ්ය ක්ෂේත්රයේ ගැටලු විසඳමින් ගුණාත්මක සේවාවක් ලබා දීමට කැපවෙනවා appeared first on ITN News.