බහුකාර්ය සංවර්ධන සහායකයින්ට වහාම අදාල ආයතනවලට පත්වීම් ලබාදෙන්න – අගමැති
තවමත් පත්වීම් නොලද බහුකාර්ය සංවර්ධන සහායකයින්ට ලබන නොවැම්බර් 15 වෙනිදාට ප්‍රථම අදාල ආයතනවලට පත්වීම් ලබාදෙන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රජයේ නිළධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය සහ පත්වීම් ලබාදීම කඩිනම් කිරීම පිළිබඳ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා.
රජයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය පත්කළ නිළ කමිටුව මෙතෙක් ගනු ලැබූ පියවරයන් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුකරනු ලැබූ බවද සඳහන්.
දැනට රාජ්‍ය සේවයේ ප්‍රාථමික සේවා පුරප්පාඩු සඳහා බහු කාර්ය සංවර්ධන සහායකයින් අනුයුක්ත කර පත්වීම් ලබාදීමට උපදෙස් දී ඇතත් තවමත් ඇතැම් අමාත්‍යාංශවල එම පත්වීම් ලබාදීමට කටයුතු කර නැහැ.
මේ හේතුවෙන් 4780ක් වන බහු කාර්ය සංවර්ධන සහායකයින් ප්‍රමාණයකට තවමත් පත්වීම් ලබාදීමට නොහැකි වීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයාගේ දැඩි අවධානය යොමු කළ බව සඳහන්.
ඒ අනුව ලබන නොවැම්බර් 15 වෙනිදාට ප්‍රථම තවමත් පත්වීම් නොලද බහුකාර්ය සංවර්ධන සහායකයින්ට පත්වීම් ලබා දී නියමිත ස්ථානවලට අනුයුක්ත කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නිළධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
The post බහුකාර්ය සංවර්ධන සහායකයින්ට වහාම අදාල ආයතනවලට පත්වීම් ලබාදෙන්න – අගමැති appeared first on ITN News.