මෙවර අය වැයෙන් රාජ්ය සේවකයන්ට රුපියල් 20,000 ක වැටුප් වැඩි වීමක් අවශ්යයි
මෙවර අය වැයෙන් රාජ්ය සේවකයන්ට රුපියල් 20,000 ක වැටුප් වැඩි වීමක් අවශ්‍ය බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරනවා.
ඒ බව එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ ඊයේ කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක් වෙමින් ප්‍රකාශ කළා.
මේ අතර ගුරු විරෝධතාවට එල්ල වූ ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරය හෙලා දකිමින් එහිදී ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ අදහස් දක්වමින් කියා සිටියා.
එමෙන්ම එහිදී සමස්ත ලංකා රාජ්‍ය කළමානාකර සහාකාර නිලධාරීන්ගේ සංගමයේ සභාපති උදේණි දිසානායක පැවසුවේ ජීවන වියදමට සරිලන වැටුප් වැඩි විමක් අවශ්‍ය බවයි.
කෙසේ වෙතත්, වැටුප් වැඩි වීමක් සිදු නොවන්නේ නම් ඉදිරියේ දී සියලු වෘත්තිය සමිති එක්ව දැවැන්ත විරෝධතාවක් ක්‍රියාත්මක කරන බව එහිදී දුම්රිය වෘත්තීය සමිති සංධානයේ සම කැඳවුම්කරු ඩී එම් පී අබේරත්න කියා සිටියා
The post මෙවර අය වැයෙන් රාජ්ය සේවකයන්ට රුපියල් 20,000 ක වැටුප් වැඩි වීමක් අවශ්යයි appeared first on ITN News.