සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථානවලට මීදුම් තත්ත්වයක්
උතුරු සහ නැගෙනහිර පළාත්වල හැරෙන්නට සෙසු පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 පමණ තරමක තද වැසිද ඇති විය හැකිය.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථානවලට උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
The post සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථානවලට මීදුම් තත්ත්වයක් appeared first on ITN News.