හිංසාකාරී අයුරින් එළුවන් ප්රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට
හිංසාකාරී අයුරින් කුඩා ලොරි රථයක් තුළ ප්‍රවාහනය කළ එළුවන් 14 දෙනෙකු සැකකරුවන් දෙදෙනෙකුද සමඟ හංවැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මස් පිණිස විකිණීම සඳහා නුවරඑළියේ සිට දෙමටගොඩ දක්වා මෙම සතුන් රැගෙන විත් ඇති බවයි හංවැල්ල පොලීසිය පැවසුවේ.
සත්ව හිංසනය යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසුවා.
සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් ලෙස දීමට කටයුතු කළ බවත් පොලිස් නිලධාරීන් එය ප්‍රතික්ෂේප කළ බවත් උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවා.
සැකකරුවන් දෙදෙනා අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
වැඩිදුර පරීක්ෂන හංවැල්ල පොලිසිය පවත්වනු ලබනවා.
The post හිංසාකාරී අයුරින් එළුවන් ප්රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.