බම්බලපිටිය තාවකාලික දුම්රිය මගී පාලම ජනතා අයිතියට
ජනාධිපතිවරයාගේ ද අවධානය යොමු වූ බම්බලපිටිය අබලන් දුම්රිය පාලම වෙනුවට ඉදිකෙරුණු තාවකාලික පාලම අද විවෘත කෙරුණා.
අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධණ මහතාගේ ප්‍රධානත්වයෙන්, පාලම ඉදිකළ සේවකයන්ගේම සුරතීන් එය විවෘත කිරීම විශේෂත්වයක්.
බම්බලපිටිය දුම්රියපොලට පිවිසෙන මගී පාලම දැඩි ලෙස අබලන්ව පවතින ආකාරය ජනාධිපතිවරයාගේ ද අවධානයට යොමු වුණා. ඒ අනුව කඩිනමින් මගී පාලමක් ඉදිකරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ.
පැරණි පාලම අලුත්වැඩියා කරන තෙක් තාවකාලික පාලමක් ඉදි කිරීමට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පියවර ගත්තා. ඒ අනුව ඉදි වූ තාවකාලික පාලම විවෘත කිරීම සහ පැරණි පාලමේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කෙරුණේ ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.
ඉවත දමා තිබූ අමුද්‍රව්‍ය භාවිත කරමින් දින 10 ක් තුළ පාලම ඉදි කළ බව අමාත්‍යවරයා පැවසුවා.
අබලන් වූ පාලම් රට පුරා පැවතියද ඒවා ඉදිකිරීමට මුදල් නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
The post බම්බලපිටිය තාවකාලික දුම්රිය මගී පාලම ජනතා අයිතියට appeared first on ITN News.