ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ගැන අනතුරු ඇඟවීමක්
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පෙර අපේක්ෂා කළ කාලයට වඩා අඩු කාලයක් තුළ දී සිදුවනු ඇති බවට විද්‍යාඥයින් අනතුරු අඟවනවා.
ගෝලීය කාබන් විමෝචනය ඉහළ යාමත් සමග ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1යි දශම 5කින් පමණ ඉහළ යාම කෙටි කාලයක් තුළ දී සිදුවනු ඇති බවටයි විද්‍යාඥයින් බිය පළ කරන්නේ.
පසුගිය වසර තුනක කාලය තුළ දී ගෝලීය කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ඉහළ යාම ඊට ප්‍රධානතම හේතුව වී තිබෙනවා.
ඛනිජ ඉන්ධන දහනය කිරීම වායු ගෝලයට කොතරම් අහිතකර දැයි සෑම රටක්ම අවබෝධ කර ගත යුතු බවයි විද්‍යාඥයින් පවසන්නේ.
වසර ගණනාවක් තිස්සේ උෂ්ණත්වය ඉහළ යාම දක්නට ලැබුණු අතර මෙම වසරේ ජූලි මාසයේ දී ඉතිහාසයේ වාර්තාගතම උෂ්ණත්වය ද වාර්තා වුවා.
2015 වසරේ දී ලොව සියලු රාජ්‍ය නායකයින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීම සදහා කටයුතු කරන බවට පැරිසියේ දී ලබාදුන් පොරොන්දුව ද මේ වන තෙක් ඉටුකිරීමට කටයුතු කර නැහැ.
The post ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ගැන අනතුරු ඇඟවීමක් appeared first on ITN News.