හෙරොයින් සමඟ සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට
හෙරොයින් සමඟ සැකකරුවන් 9 දෙනෙකු හක්මන දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හක්මන දෙනගම ප්‍රදේශයේ නිවසක් වැටලු අවස්ථාවේ දී හෙරොයින් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
කුඩා පැකට් ලෙස අසුරා අලෙවි කිරීමට සූදානම් කර තිබු මෙම හෙරොයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙනගම ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු කළ ප්‍රකාශයකට අනුවයි.
මේ පිළිබඳ සිදුකළ වැඩිදුර විමර්ෂණවලදී හෙළි වුයේ මත්කුඩු ජාවාරම මෙහෙයවා ඇත්තේ දෙයියන්දර පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු බවයි.
සැකකරුවන් දෙනගම , හක්මන , කතරගම හා තිස්සමහාරාම යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
The post හෙරොයින් සමඟ සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.