ජීනිවාහි වෙන්දේසියකදී අලෙවි වූ දුර්ලබ නිල් දියමන්තිය
ස්විට්සර්ලන්තයේ ජීනිවා හි පැවති වෙන්දේසියක දී දුර්ලබ නිල් දියමන්තියක් වාර්තා ගත මුදලකට වෙන්දේසි වී තිබෙනවා.
කැරට් 16යි දශම 7යි එකක පෙයාර්ස් හැඩැති බ්ලු රෝයල් නැමැති මෙම දියමන්තිය වෙන්දේසි වී ඇත්තේ ඩොලර් මිලියන 43යි දශම 8ක මිලකටයි.
එය ජීනිවා හි ක්‍රිස්ටි වෙන්දේසියට එදා මෙදා තුර ඉතිහාසයේ තබා තිබු විශාලතම අභයන්තර දෝෂ රහිත දියමන්තිය ද වනවා.
මෙම නිල් දියමන්තිය මේ වසරේ වැඩිම මිලකට අලෙවි වු ස්වර්ණාභරණ එකතුව ලෙස ද සැලකෙනවා.
එමෙන්ම ජනප්‍රිය චිත්‍රපටවල නළු නළියන් පැළද සිටි අත්ඔරලෝසු හා මුතුමාල කිහිපයක් ද මෙහිදි වෙන්දේසි කෙරුණා.
The post ජීනිවාහි වෙන්දේසියකදී අලෙවි වූ දුර්ලබ නිල් දියමන්තිය appeared first on ITN News.