ජාතික අධ්යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ ක්රියාකාරිත්වය ගැන රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අප්රසාදය
අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මානව සම්පත් කළමනාකරණ සඳහා නිර්මාණය කළ ජාතික අධ්යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ (NEMIS) වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අප්‍රසාදය පළවුණා.
ඒ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා ( 2023.11.08 ) එම කාරක සභාව (කෝපා කමිටුව) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.
ජාතික අධ්යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය 2017 වසරෙන් පසු යාවත්කාලීන වී නොමැති බව කාරක සභාව මෙහිදී පෙන්වා දුන්නා.
මෙම පද්ධතිය තුළ මොඩියුල(ර්) (Modular) 09ක් පැවතියද ඒ සියලු මොඩියුල(ර්) භාවිතා කර අදාළ දත්ත හැසිරවීම සිදුවනවාද යන්න කාරක සභාව ප්‍රශ්න කළා.
එහිදී පිළිතුරු ලබා දෙමින් අධ්‍යාපන අමාත්‍යංශය නිලධාරීන් මෙම පද්ධතියේ දෘඩාංග (Hardware) යාවත්කාලීන කරන තුරු අදාළ පද්ධතිය සක්‍රීය ලෙස පවත්වාගෙන යාම අපහසු බව පැවසුවා.
අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ප්‍රතිපත්තිමය හා පරිපාලන තීන්දු ගැනීමේදී පවා මෙම තොරතුරු පද්ධතියෙන් (NEMIS) ප්‍රයෝජන ලබාගත නොහැකිවීම පිළිබඳවද කරක සභාවේ අප්‍රසාදය පලවුණා.
මෙම තොරතුරු පද්ධතිය සඳහා දත්ත ඇතුලත් කිරීමේදී ප්‍රමාදයන් සිදුවීම පිළිබඳව අමාත්‍යාංශය නිලධාරීන් කාරක සභාව හමුවේ කරුණු ඉදිරිපත් කළා.
තොරතුරු පද්ධතියට දත්ත ඇතුළත් කිරීම සඳහා ගුරුවරුන්ටම අවස්ථාව සලසා දීම තුලින් වඩාත් කාර්යක්ෂම ලෙස එම ක්‍රියාවලිය සිදුකල හැකි බැවින් ගුරුවරුන්ටම තම දත්ත ඇතුළත් කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස කාරක සභාව විසින් අධ්‍යාපන අමාත්‍යංශයට උපදෙස් ලබා දුන්නා.
දැනට පවතින පද්ධතියේ අඩුපාඩු සම්පුර්ණ කර ගැනීම සඳහා කාල රාමු සහ දෘඩාංග (Hardware) අවශ්‍යතා සම්පුර්ණ කරගැනීම පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් සකස් කර කාරක සභාවට ලබා දෙන ලෙස සභාපතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.
ඒ පිළිබඳව සොයා බලා කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක්ද පත්කරනු ලැබුවා.
මෙහිදී දුෂ්කර පාසැල් වල සේවය කල ගුරුවන්ගේ දරුවන් පළමු වසරට ඇතුළත් කිරීමේදී එම දුෂ්කරව ගත කල කාලසීමාවට අදාළව ලකුණු ලබා දීම සිදුකල යුතු වුවත් වර්තමානය වනවිට එම ක්‍රමවේදය ක්‍රියාත්මක වීමේ අඩු පාඩු පවතින බව සභාපතිවරයා විසින් පෙන්වා දුන්නා.
දුෂ්කර පළාත් පාසැල් නිවැරදි ලෙස නිර් වචනය කරමින් කරමින් ඒ අනුව ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාවයද කාරක සභාව අවධාරණය කළා.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් පැවසුවා.
මෙම අවස්ථාව සඳහා කාරක සභාවේ සාමාජිකයින් වන රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන අශෝක් අබේසිංහ, නිරෝෂන් පෙරේරා, මංජුලා දිසානායක, කේ ,කාදර් මස්තාන, මුදිතා ප්‍රිශාන්ති, විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වුණා.
The post ජාතික අධ්යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ ක්රියාකාරිත්වය ගැන රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අප්රසාදය appeared first on ITN News.