විශාල පිරිසක් රවටා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට
ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක් ඉහළ ලාභාංශ දෙන බව පවසමින් ගාල්ල හා ඒ අවට පදිංචි පුද්ගලයන් විශාල පිරිසක් රවටා රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කළ කාන්තාවක්
අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇයට මුදල් ලබා දුන් අය නැවත මුදල් ඉල්ලා පැමිණෙන විට මෙම කාන්තාව ඔවුන්ට තර්ජනය කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මෙම කාන්තාවට බොහෝ පුද්ගලයින් හසු වී ඇත්තේ රුපියල් කෝටි දෙක තුන පමණ මුදල් ආයෝජනය කරමින් ය.
ඇය හමුවට මුදල් ඉල්ලා එන පිරිමි පුද්ගලයින් ඇය විසින් නිවෙස තුළට කැඳවා ගෙන විත් ඔවුන් බදාගන්නා බවත් පසුව එය වීඩියෝ කර එම පුද්ගලයින්ව බිය ගන්වන බවත් විමර්ශනවල දී හෙළි වුණා.
ඒ හේතුවෙන් ඇයට මුදල් ලබා දුන් බොහෝ පිරිමි පුද්ගලයින් ඇයට එරෙහිව පැමිණිලි ඉදිරිපත් නොකරන බවයි වාර්තා වන්නේ.
මේ අතර ඇය හමුවේ මුදල් ආයෝජනය කළ පිරිස අතර දකුණේ ප්‍රසිද්ධ දේවාලයක කපු මහතෙකු ද සිටිනවා.
The post විශාල පිරිසක් රවටා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට appeared first on ITN News.