JICA නියෝජිතයින් සහ සෞඛ්ය අමාත්යවරයා අතර විශේෂ හමුවක්
ජයිකා – ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත යමඩා ටෙට්සුයා මහතා සහ ව්‍යාපෘති සම්පාදන උපදේශක මියකේ යුකාකෝ මහත්මිය, සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (16) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී මුණ ගැසුණා.
මෙහිදී යමඩා ටෙට්සුයා මහතා විසින් සෞඛ්‍ය හා වෛද්‍ය සේවාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජයිකා ව්‍යාපෘතිය මගින් දැනට ක්‍රියාත්මක වන සංවර්ධන ආධාර වැඩ සටහන් පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගත්තා.
“ආසාදිත අපද්‍රව්‍ය කළමණාකරණය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියෙන්” රෝහල් 15 කට ප්‍රතිලාභ හිමිවීම පිළිබදව ද, “පුනර්ජනනීය බලශක්තිය නිපදවීම සදහා රෝහල්වල පහසුකම් නැංවීමේ ව්‍යාපෘතිය” මගින් මෙරට ප්‍රධාන රෝහල් 3 ක් සංවර්ධන කිරීමට පියවර ගැනීම හා “ප්‍රජාව තුළ වැඩිහිටියන් කේන්ද්‍රකරගත් සෞඛ්‍ය සේවාවන් වැඩි දියුණු කිරීම” යන ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳවත් යමඩා ටෙට්සුයා මහතා විසින් දීර්ඝ ලෙස අමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගත්තා.
මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියාසිටියේ, මෙම ව්‍යාපෘතිය කඩිනම් කර ගැනීමට සෑම මට්ටමකම නිරන්තර අධීක්ෂණය හා සම්බන්ධීකරණය ඉතා වැදගත්ම අවශ්‍යතාවය බවයි.
මෙහිදී අමාත්‍යවරයා , වසර 70 කට අධික කාලයක සිට ජපානය හා ශ්‍රී ලංකාව දැඩි මිත්‍රශීලීත්වයකින් කටයුතු කරන බවත්, විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිත ආයතනය මගින් ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා ඇති බව ද, එම ව්‍යාපෘති කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද JICA නියෝජිතයින් හට දන්වා සිටියා.
ඉතා ඉහළ මිත්‍රත්වයකින් කටයුතු කරන ජපානය, මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට භෞතික පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ඉහළ ගුණාත්මක වර්තමාන කාලීන අවශ්‍යතාවයට සරිලන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද, දිගුකාලීනව ජපාන රජයේ හා ජපාන ජනතාවගේ පරිත්‍යාගශීලීත්වයට ශ්‍රී ලංකා රජය වෙනුවෙනුත් සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙනුත් අමාත්‍යවරයා මෙහිදී සිය කෘතඥතාවය පළ කර සිටියා.
The post JICA නියෝජිතයින් සහ සෞඛ්ය අමාත්යවරයා අතර විශේෂ හමුවක් appeared first on ITN News.