ආහාර විෂ වීමකින් පාසල් සිසුන් පිරිසක් රෝහල්ගත කෙරේ
ගාල්ල හියාරේ නැගෙනහිර මහ විද්‍යාලයේ 06 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 10 දෙනෙකු පාසලේදී සකස් කරන ලද ආහාර අනුභව කිරීමෙන් ඇති වූ සංකුලතාවයක් හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුලත්කර තිබෙනවා.
ගෘහ විද්‍යා විෂය නිර්දේශයට අනුව අද පෙරවරුවේ මෙම පන්තියේ ඉගෙනුම ලබන දරුවන් පිරිස විසින් පාසලේ දී පිළියෙල කරල ලද සැන්ඩ්විච් ආහාරයට ගැනීමෙන් පසුව මෙම සංකූලතා මතුවී තිබෙනවා.
මෙම සිසුන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලීසිය පරීක්ෂණ සිදු කරනවා
The post ආහාර විෂ වීමකින් පාසල් සිසුන් පිරිසක් රෝහල්ගත කෙරේ appeared first on ITN News.