මාස දෙකකට පසු කැනඩාවට ඉලේක්ට්රෝනික වීසා සේවය යළි ආරම්භ කිරීමට ඉන්දියාව තීරණය කරයි
මාස දෙකක පමණ කාලයකට පසු කැනඩාවට ඉලේක්ට්රෝනික වීසා සේවය යළි ආරම්භ කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.
කැනඩාව හා ඉන්දියාව අතර හටගත් මතභේදාත්මක ගැටුම් හේතුවෙන් කැනඩා ජාතිකයන්ට වීසා ලබාදීම අත්හිටුවීමට ඉන්දියාව මීට මාස දෙකකට පමණ ඉහතදී පියවර ගත්තා.
සික් ජාතික නායකයෙකු කැනඩාව තුළ දී ඝාතනය කිරීම පිටුපස ඉන්දීය රජය සිටින බවට කැනඩා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කිරීමත් සමගයි මෙම මතභේදාත්මක ගැටුම් ආරම්භ වුණේ.
එම සියලු චෝදනා ඉන්දියාව ප්‍රතික්ෂේප කරන අතර ඉන්දියාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ සිටි රාජ්‍යතාන්ත්‍රකයින්ට ඉන්දියාවෙන් පිටව යන ලෙස ද දැනුම් දුන්නා.
කෙසේ වුවද ඉන්දියාවේ නව තීරණයත් සමග කැනඩා පුරවැසියන්ට ඉන්දියාවේ සියලු වීසා ලබා ගැනීමේ හැකියාව හිමිවනවා.
The post මාස දෙකකට පසු කැනඩාවට ඉලේක්ට්රෝනික වීසා සේවය යළි ආරම්භ කිරීමට ඉන්දියාව තීරණය කරයි appeared first on ITN News.