52 වැනි බංග්ලාදේශ සන්නද්ධ හමුදා දින සැමරුම් උත්සවය කොළඹ දී
52 වැනි බංග්ලාදේශ සන්නද්ධ හමුදා දින සැමරුම් උත්සවය ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (21) කොළඹ දී පැවැත්වුණා.
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් Tareq Md Ariful Islam මහතා මෙම අවස්ථාවට එක් වුණා.
මෙහි දී ආරක්‍ෂක ලේකම්වරයා බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවන් අගය කළ අතර, තවදුරටත් එම සබඳතා ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම ද අවධාරණය කළා.
මෙම අවස්ථාවට ඉන්දීය සහ නේපාල මහ කොමසාරිස්වරු, මාලදිවයින් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post 52 වැනි බංග්ලාදේශ සන්නද්ධ හමුදා දින සැමරුම් උත්සවය කොළඹ දී appeared first on ITN News.