දුම්රිය ආසන වෙන්කිරීමේදී මඟීන් වෙත පැන නගින ගැටලු සඳහා නව විසඳුමක්
දුම්රිය ආසන වෙන්කිරීමේ දී මඟීන් වෙත පැන නගින ගැටලු සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් හදුන්වා දී තිබෙනවා.
මෙය හදුන්වා දී තිබෙන්නේ ස්වේච්ඡා සංවිධානයක් විසින්
‘RDMNS.LK Live Train Alerts Mobile’ යෙදවුම හරහා මෙම නවතම විශේෂාංගය හඳුන්වා දී තිබෙනවා.
මෙම ජංගම දුරකථන යෙදවුම මඟින්
දුම්රිය මැදිරි තුළට පිවිස නැරඹීමේ හැකියාව
ආසන වෙන් කිරීමේ ගාස්තු
දුම්රිය මැදිරිවල ඡායාරූප
ආසන වර්ග
ආසන අංක
එක් එක් ක්‍රමවේද ඔස්සේ ආසන වෙන් කිරීමේ උපදෙස්
වීඩියෝ දර්ශන
නිතර අසන ප්‍රශ්න
දුම්රිය කාලසටහන
වැනි තොරතුරු රැසක් පහසුවෙන් ලබාගත හැකියි.
මීට අමතර මෙම ජංගම දුරකථන යෙදවුම මඟින් දුම්රිය තිබෙන ස්ථානය, දුම්රිය ප්‍රමාදය සහ ඒ අනුව ඉදිරියට ඇති දුම්රිය ස්ථාන සඳහා ළඟා වීමේ අපේක්ෂිත වේලාවන්, දැනගැනීමේ හැකියාවක්ද පවතිනවා.
The post දුම්රිය ආසන වෙන්කිරීමේදී මඟීන් වෙත පැන නගින ගැටලු සඳහා නව විසඳුමක් appeared first on ITN News.