ලක්ෂ 50කට අධික භාණ්ඩ සොරකම් කළ කල්ලියක් අත්අඩංගුවට
කොට්ටාව ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 50කට අධික භාණ්ඩ සොරකම් කළ කල්ලියක් පොලිසිය අත්අඩංගුවට ගත්තා.
අලුත්ගම සුද්දා නැමැත්තා මෙහෙයවා ඇති බව කියන මෙම කල්ලිය මගින් සොරකම් කළ මැණික් ගල් 34ක් ද සොයා ගැනීමට පොලිසියට හැකිවුණා.
නිවාස 3කින් සොරකම් කළ භාණ්ඩ විකිණීම සදහා ඔවුන් කොට්ටාව ප්‍රදේශයට ගමන් කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන ඇත්තේ .
ලැප්ටොප්, ජංගම දුරකතන හා ගෘහ විදුලි උපකරණ ද ඔවුන් සොරකම් කළ භාණ්ඩ අතර වනවා.
The post ලක්ෂ 50කට අධික භාණ්ඩ සොරකම් කළ කල්ලියක් අත්අඩංගුවට appeared first on ITN News.