ඔත්තු බැලීමේ චන්ද්රිකාවක් අභ්යවකාශ ගත කළ විද්යාඥයින් කණ්ඩායමට කිම් ජොන් උන් සුබ පතයි
ඔත්තු බැලීමේ චන්ද්රිකාවක් අභ්යවකාශ ගත කිරීම සම්බන්ධයෙන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් සිය විද්‍යාඥයින් කණ්ඩායමට සුබ පැතුම් එක්කලා.
චන්ද්‍රිකාව කක්ෂගත කිරීම අභ්‍යවකාශ බලයේ නව යුගයක් ලෙසටයි ඔහු හදුන්වාදී ඇත්තේ.
ආත්ම ආරක්ෂාව සඳහා වූ පූර්ණ අභ්‍යාසයක් ලෙසට මෙය හැදින්විය හැකි බව උතුරු කොරියා නායකයා පවසනවා.
පසුගිය අගහරුවාදා මෙම චන්ද්‍රිකාව සහිත රොකට්ටුව සාර්ථකව අභ්‍යවකාශ ගත කිරීමට හැකිවුණා.
මිට පෙර ගත් මෙවැනි උත්සාහයන් දෙකක්ම අසාර්ථක වුණා.
The post ඔත්තු බැලීමේ චන්ද්රිකාවක් අභ්යවකාශ ගත කළ විද්යාඥයින් කණ්ඩායමට කිම් ජොන් උන් සුබ පතයි appeared first on ITN News.