How can Sri Lankan charities find international donors and partners?

“උරුමය” සින්නකර ඔප්පු ලබාදීමේ වැඩසටහන ගොවි ජනතාවට කෙරෙන උපහාරයක් – ජනපති

- itnnews.lk

සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට කෘෂිකර්ම නවීකරණ සේවා මධ්‍යස්ථාන ඇති කිරීමට සැලසුම් කර තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ 2024 අයවැය යෝජනාවක් වන “උරුමය” වැඩසටහන පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ පළමු අදියර අනුරාධපුර නොච්චියාගම දී අද (26) ආරම්භ කරමිනි.

ෂැංග්‍රිලා හෝටලය සතු ඉඩම සින්නක්කරව පැවරීමට හැකියාව තිබුණේ නම් පරම්පරා ගණනක් අපේ රටේ ගොවිතැන් කළ ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දීමේ වරද කුමක්දැයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රශ්න කළේය.

ෂැංග්‍රිලා සතු ඉඩමෙන් ශ්‍රී ලංකාවට ද විදේශ විනිමය ලැබෙනවා සේම නවීන කෘෂි කර්මාන්තය තුළින් අපනයන ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

රටේ ගොවිතැන් කරන ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දීම ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ උරුමය ලබාදීමක් මෙන්ම රජයේ ස්තුතිය පුදකිරීමක් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

“උරුමය” සින්නක්කර ඔප්පු ලබාදීම සඳහා 2024 අයවැයෙන් රුපියල් බිලියන දෙකක මුදලක් වෙන් කර තිබේ.

විදේශිකයන් ශ්‍රී ලංකාවේ ඉඩම් ඔවුන්ගේ යටතට පත්කර ගැනීමෙන් පසුව එම ඉඩම්වල වගා කිරීම සඳහා මෙරට ස්වදේශික ජනතාව වෙත බලපත්‍ර ලබාදීම සිදු කර තිබිණි.

නමුත් 1935 වසරේ ඉඩම් සංවර්ධන ආඥා පනත මගින් ස්වදේශිකයන් වෙත ඉඩම් ඔප්පු ලබා දීම සඳහා තවත් බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දී තිබූ අතර එහිදී ඉඩම් හිමි ජනතාවට වගා කටයුතු කිරීම සහ නිවාස ඉදිකර ගැනීමට හැකියාව තිබේ. නමුත් එම ඉඩම පැවරීමේ හෝ විකිණීමේ බලයක් ඉඩම් හිමි ජනතාවට නොතිබිණි.

මෙතෙක් කල් පැවති ජයභූමි, සෞම්‍ය භූමි, ස්වර්ණභූමි ඇතුළු සියලු ඔප්පු වෙනුවට සින්නක්කර ඔප්පු ජනතාවට ලබා දීම 2024 අය වැයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර තිබේ.

ඒ අනුව මෙම ඔප්පු ලබා ලබාදීමේ වැඩපිළිවෙල 2024 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

අද මෙතනට රැස්වුණේ මෙම ප්‍රදේශයේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම පිළිබඳව සාකච්ඡා කිරීමටයි. පක්ෂ, විපක්ෂ භේදයකින් තොරව සියලුදෙනා අද මෙතනට රැස්වී සිටිනවා. අද අපට තිබෙන්නේ රටට වැඩ කිරිමටයි.

මම ආණ්ඩුව බාරගන්නා විට රට කඩා වැටිලා තිබුණේ. අද තිබෙන තත්ත්වයට අපට රට ගෙන ඒමට හැකි වෙයි කියා කිසිවෙකුත් සිතුවේ නැහැ. ලබන මාසය වන විට අප රට බංකොළොත්භාවයෙන් නිදහස් වීමට නියමිතයි.

අදාළ රටවලින් ඊට අවශ්‍ය ප්‍රතිචාරය මේ වන විට දක්වා තිබෙනවා. එය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. අපට තව විශාල වැඩකොටසක් පැවරී තිබෙනවා.

මීට පෙර ආණ්ඩු හැදුවේ එක් පක්ෂයක සහාය මතයි. නමුත් මට සෑම පක්ෂයකින්ම සහාය ලබා ගැනීමට සිදු වුණා. එලෙස කණ්ඩායමක් සමග අප මෙම ගමන ආවා. ඒ පිළිබඳ අප සියලු දෙනාට සෑහීමකට පත්විය හැකි අතර, වරද කාගේ වුණත් අප දැන් අපේ වගකීම ඉටු කර තිබෙනවා.

මෙම ආර්ථික අර්බුදය හමුවේ අපට සංවර්ධන කටයුතු නැවැත්වීමට සිදුවුණා. දැන් බංකොළොත්භාවය අවසන් වන නිසා අපට එම නවතා තිබු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අවස්ථාව ලැබෙනවා.

ඒ වගේම මෙම අනුරාධපුර දිස්ත්‍රික්කයේ මල්වතු ඔය සහ මහා විහාරයේ වැඩකටයුතු ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

විශේෂයෙන් ලුම්බිණියේ මායා දේවි විහාරස්ථානයේ කැණීම් කටයුතු සිදු කළ විශ්වවිද්‍යාලය සමඟ මහා විහාරයේ කැණීම් කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරනවා.

මල්වතු ඔය කියන්නේ සිංහල ශිෂ්ටාචාරය ආරම්භ වූ තැනයි. මහා විහාරය කියන්නේ ථෙරවාද බුදු දහමේ කේන්ද්‍රස්ථානයයි. මේ ස්ථාන දෙක ආරක්ෂා නොකර කුමන සංවර්ධන ව්‍යාපෘතියක් සිදු කළත් වැඩක් නැහැ.

ක්‍රිකට් සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන එකහමාරක් මෙවර අයවැයෙන් ලබා දී තිබෙනවා. මෙහි අරමුණ වන්නේ ගම්බද පාසල් වල ක්‍රිකට් දියුණු කිරීම මගින් අනාගතයට අවශ්‍ය ක්‍රීඩකයන් නිර්මාණය කිරීමයි.

අප ආර්ථික ක්‍රමයේ වෙනසක් ඇති කළා.ඒ වගේම සමෘද්ධිය වෙනුවට අස්වැසුම ඇතිකර ජනතාවට ලබාදෙන මුදල් ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි කළා. කෘෂි කර්මාන්තය වෙනුවෙන් ලබාදෙන මුදල් ගොවි ජනතාවගේ බැංකු ගිණුම් වෙතම යොමු කළා.

ගොවි ජනතාවට ඉඩම් සින්නක්කරව ලබා දෙනවා වගේම නාගරික ප්‍රදේශවල කුලී පදනම මත මහල් නිවාසවල සිටින ජනතාවගේ නිවාස සින්නක්කරව එම ජනතාවට ලබාදීමටත් යෝජනා කර තිබෙනවා.

මෙතන සිටින ගොවි ජනතාවගේ දෙමව්පියන් 60 දශකයේ දී මැලේරියාව නිසා දුක් වින්දා. ඉන් පසුව තස්තවාදී කරදර නිසා දුක් වින්දා. නමුත් ඔවුන් ගොවිතැන අමතක කළේ නැහැ.

රටට අවශ්‍ය ආහාර නිෂ්පාදනය ඔවුන් දිගටම සිදුකරගෙන ගියා. එයට කරන ජාතියේ ස්තුතියක් ලෙස තමයි මෙම සින්නක්කර ඔප්පු ප්‍රදානය සිදු කරනු ලබන්නේ.

තමන්ට ස්වර්ණභූමී, ජය භූමී ඔප්පු තබා ගැනීමට අවශ්‍ය නම් එලෙසම සිටිය හැකියි. අවශ්‍ය කෙනෙකුට සින්නක්කර ඔප්පුව ඉල්ලුම් කළ හැකියි. මෙම සින්නක්කර ඔප්පු ලබා දීම ලබන වසරේ මුල් කාර්තුවේ සිට ක්‍රියාත්මක කරනවා.

ලෝකය දියුණු වන විට නවීන ක්ෂේත්‍රයන් වෙත යොමු විය යුතුයි. එහිදී අපගේ අපනයන ක්ෂේත්‍රය දියුණු කළ කෘෂිකර්මාන්තය පිළිබඳවත් නැවත නවීන ලෙස සිතිය යුතුයි. 1972 අපනයන කෘෂි කර්මාන්තය බිඳ වැටුණා. දැන් මෙවර ලබා දෙන සින්නක්කර ඔප්පු සමඟ අපනයන කෘෂිකර්මාන්තය දියුණු කිරීමට වැඩ කළ යුතුයි.

මෙහිදී වගා කරන නිෂ්පාදන බෙදා හැරීමට ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙනුවට කෘෂිකර්ම නවීකරණ සේවා මධ්‍යස්ථාන ඇති කළ යුතුයි.

වගා කරන බෝග කල් තබා ගැනීමේ හැකියාව සහ අවශ්‍ය නම් අපනයනය කිරීමට ඇති හැකියාවත් එහිදී තීන්දු කළ හැකියි. ඊළඟ වසර දහය තුළ ලෝක ජනගහණය සීඝ්‍රයෙන් වැඩිවෙනවා. ඊට අවශ්‍ය ආහාර සැපයීම සිදු කිරීමෙන් විශාල විදේශ විනිමයක් උපයාගත හැකියි.

මේ සඳහා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා.සෑම ගමක්ම අපනයන ගම්මානයක් ලෙස දියුණු කර අපනයන ආර්ථිකයට එක් කිරීම මඟින් විශාල විදේශ විනිමයක් ලබාගත හැකියි.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා,

ලංකාවේ නීතිය වල් වැදිලා තිබුණු වෙලාවක එම අභියෝගය භාරගෙන ආර්ථික අභියෝගයෙන් රට මුදවා ගැනීමට ජනාධිපතිවරයා ගෙන ගිය කාර්යභාරය ප්‍රශංසනීයයි.

අද වැව්බැඳි රටට ජනාධිපතිවරයා පැමිණ සිදුකරන උරුමය වැඩසටහනෙන් මේ රටේ ගොවි ජනතාවගේ ඉඩම් වල අයිතිය කොන්දේසි විරහිතව ලබාදීමක් සිදු වෙනවා.

ජනාධිපතිවරයා මෙරට ආර්ථිකය නිසි දිශානතියකට ගෙන ආවා වගේම ලෝකයෙන් ශ්‍රී ලංකාවට අහිමි වූ ස්ථානය නැවත ලබාදීමට කටයුතු කළා. එතුමාගේ දේශපාලන ජීවිතයේ පරිණතභාවය එයින් පැහැදිළි වෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා,

ජනතාවට සින්නකර ඉඩම් අයිතිය ලබාදීම පිළිබඳව ජනාධිපතිතුමා මෙවර අයවැය ලේඛනය තුළ ඇතුළත් කර තිබෙනවා. මේ රටේ සියලු ජන කොටස් වෙත ඉඩම් අයිතිය ලබාදීමේ අවශ්‍යතාවය එතුමාට තිබුණා.

එතුමා ඒ පිළිබඳව සෑම අවස්ථාවකම සාකච්ඡා කළා වගේම 2023 අයවැය ලේඛනය සකස් කරද්දි ඊට එය ඇතුළත් කිරීමට ද උත්සාහ කළා. නමුත් එදා රට තුළ තිබු තත්ත්වය නිසා එම යෝජනාව ඉදිරියට ගෙන ඒමට නොහැකි වුණා.

මේ ප්‍රදේශවල ගොවි ජනතාවට තිබු විශාල අවශ්‍යතාවයක් තමයි ගොවිතැන් කටයුතු කිරීමට අවශ්‍ය පොහොර නොලැබීම. නමුත් ජනාධිපතිතුමා මේ රට භාර ගැනීමෙන් අනතුරුව එම පොහොර අවශ්‍ය පරිදි ගොවි ජනතාවට ලබාදීමට කටයුතු කළා.

ඒ අනුව මේ වසර වන විට දෙකන්නයට අවශ්‍ය සම්පූර්ණ පොහොර අවශ්‍යතාවය ද සපුරා, අසීරුතා මැද වුවත් ගොවියාට අස්වනු වෙනුවෙන් ස්ථාවර මිලක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

ජනාධිපතිතුමාගේ නිවැරදි වැඩපිළිවෙළ නිසා අද අප රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති වී තිබෙනවා. සමාජ ස්ථාවරත්වය ඇති වෙමින් තිබෙනවා. ඒ හරහා රටේ ආර්ථික ස්ථාවරත්වය ගොඩනැගෙමින් තිබෙනවා.

ඒ වගේම ජනාධිපතිතුමාගේ අධිෂ්ඨානයක් වු, දැනට ඉඩමක් භුක්ති වින්දද, ඊට අයිතියක් නොමැතිවීම නිසා ජනතාව මුහුණ දෙන මුලික ගැටලුවට විසදුම් ලබාදීමට හැකිවීම පිළිබඳව අප සතුටු වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා,

උරුමය වැඩසටහන යටතේ ගොවි ජනතාවට ඔවුන්ගේ මී මුත්තන්ගේ උරුමය ලබා ලබා දීම වෙනුවෙන් ජනාධිපතිවරයාට ස්තූතිය පළ කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනය පරිණතභාවයක් ඇති නායකයෙක් .

එතුමා හෝම් වර්ක් හොඳටම කළ නායකයෙක් බව මෙවර අයවැයෙන් ඔප්පු කර තිබෙනවා. රාජ්‍ය සේවකයන්ට රුපියල් දසදහසක දිමනාවක් ලබාදීම, ගොවි ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දීම, කුලී පදනම මත මහල් නිවාස වල සිටින ජනතාවගේ නිවාස සින්නක්කරව එම ජනතාවට ලබාදීමත් මගින් ජනාධිපතිවරයා සිය දේශපාලන පරිණතභාවය පෙන්වා තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් .චන්ද්‍රසේන මහතා,

අනුරාධපුර දිස්ත්‍රික්කයට මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන් කිරීමට ජනාධිපතිතුමා කටයුතු කර තිබෙනවා. විශේෂයෙන්ම මල්වතු ඔය ව්‍යාපාරයට සහ මහා විහාරයට මේ වන විට මුදල් ප්‍රතිපාදන ලබා දී තිබෙනවා.

ඒ වගේම ගොවි ජනතාව වෙනුවෙන් සින්නක්කර ඔප්පු ලබා දීමටත් මෙවර අයවැය මගින් යෝජනා කර තිබෙනවා.

ආර්ථික අර්බුදයකට මුහුණ දුන් රටක් නැවත යථා තත්ත්වයට පත්කර මෙවැනි සහන රැසක් ලබාදීමට කටයුතු කිරීම මගින් ජනාධිපතිතුමාගේ නිවැරදි දේශපාලන වැඩපිළිවෙළ රටට පෙන්වා තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න, උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්.එම්. රංජිත්, හිටපු අමාත්‍ය පී. හැරිසන්, නීතිඥ කස්තුරි අනුරාධනායක, ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහ යන මහත්වරු ඇතුළු දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්, ගොවිජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

The post “උරුමය” සින්නකර ඔප්පු ලබාදීමේ වැඩසටහන ගොවි ජනතාවට කෙරෙන උපහාරයක් – ජනපති appeared first on ITN News.

You may also like

- colombogazette.com

As Indian Prime Minister Narendra Modi was enjoying the pomp and circumstance of a White House state visit last year his spy chiefs were plotting to assassinate a leading dissident on American soil, according to U.S. and Indian security officials. President Joe Biden and First Lady Jill laid on all the trimmings, with lotus blooms, […]

- colombogazette.com

Celebrating a decade of fruitful collaboration, Singer, the exclusive distributor for Sony Electronics in Sri Lanka, was honoured as a Strategic Alliance Partner at Sony’s recently held Annual Business Partner Conference (BPC) in Singapore. This recognition underscored the robust partnership between the two entities and highlights Singer’s dedication to bringing cutting-edge Sony technology ...

- island.lk

State Minister of Tourism Diana Gamage revealed plans to designate 49 additional tourist destinations as official tourist zones and that the locations will be published in the government  gazette within a month as part of the on-going efforts to boost tourism. The state minister made the revelation during a press conference held at the Presidential […]

- island.lk

President Ranil Wickremesinghe reiterated the government’s commitment to maximizing the contribution of agriculture to the country’s economic advancement. He highlighted the implementation of programs aimed at popularizing cinnamon cultivation, a significant export crop in the country’s history, as part of the agricultural modernization initiative. President Ranil Wickremesinghe made these remarks...

- adaderana.lk

The Bar Association of Sri Lanka (BASL) has denounced the recent statement issued by the Minister of Public Security Tiran Alles at the Katukurunda STF training camp s passing out parade, which garnered widespread attention across various media platforms.

- adaderana.lk

President Ranil Wickremesinghe reiterated the government s commitment to maximizing the contribution of agriculture to the country s economic advancement. He highlighted the implementation of programs aimed at popularizing cinnamon cultivation as part of the agricultural modernization initiative.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc