නව පරිසර හිතකාමී සංචාරක කලාපයක්
පිළිකුත්තුව රජමහා විහාරස්ථානය ආශ්‍රිත ප්‍රදේශය පරිසර හිතකාමී සංචාරක කලාපයක් ලෙස සංවර්ධන කිරීමට සැලසුම් කර තිබෙනවා.
ට්‍රැවල් ටු පිළිකුත්තුව ව්‍යාපෘතිය යටතේයි මෙම සංවර්ධන කටයුතු සිදුකෙරෙන්නේ.
කදුගැටයක් සහිත අක්කර 250ක් තරම් භූමි ප්‍රදේශයක පිළිකුත්තුව කන්ද පිහිටා තිබෙනවා. ඉන් අක්කර 52ක වපසරියක් පිළිකුත්තුව රජමහා විහාරස්ථානය සතුයි. එම භූමිය මෙරට වැඩිම ලෙන් සංඛ්‍යාවක් සහිත විහාරස්ථානය ලෙස ද සැලකෙනවා.
මෙහි ගල් ලෙන් 99ක් පමණ තිබෙන අතර කටාරම් රහිත ලෙන් කිහිපයක් ද දැකගත හැකියි. එම ලෙන් තුළ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයා වාසය කළ බවට ද සැලකෙනවා.
මෙම ප්‍රදේශය පරිසරහිතකාමී සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීම සදහා නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් ශිල්පීන් අධ්‍යයන චාරිකාවක නිරත වුණා. මහර සංවර්ධන සැලැස්ම යටතේ පිළිකුත්තුව රජමහා විහාරස්ථානය ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධනය කෙරෙනවා.
The post නව පරිසර හිතකාමී සංචාරක කලාපයක් appeared first on ITN News.