රටවල් 07කට ශ්රී ලංකාවට පැමිණිමට නිදහස් වීසා
විදෙස් රටවල් 7ක පුරවැසියන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමේදී ගාස්තු අයකිරීමකින් තොරව වීසා නිකුත් කිරීමට අදාළ කොන්දේසි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
2024 වසරේ මාර්තු මස 31වැනිදා දක්වා මෙය ක්‍රියාත්මක බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
චීන, ඉන්දියානු, ඉන්දුනීසියානු, රුසියානු, තායිලන්ත, මැලේසියානු සහ ජපන් ජාතිකයන් සදහා ගාස්තු අය කිරීමකින් තොරව වීසා ක්‍රමයක් ක්‍රියාත්මක කෙරේ.
2023.10.24 දිනැති අමාත්‍ය මණ්ඩල අනුමැතියට සමගාමීව සංචාරක කර්මාන්තය නැවත නගා සිටුවීම සදහා නියමු වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කරනු ලැබේ.
The post රටවල් 07කට ශ්රී ලංකාවට පැමිණිමට නිදහස් වීසා appeared first on ITN News.