දේශගුණික කාංසාව නිසා දරුවන් නොලබන තරුණියන්: 'මට මගේ දරුවා ලෝකෙට බරක් කරන්න ඕනෙ නැහැ'
බ්රසීලයේ, නයිජීරියාවේ සහ නේපාලයේ වෙසෙන කාන්තාවන් තිදෙනෙකු ඔවුන් මව්වරුන් බවට පත්වීමෙන් වැළකී සිටීමට තීරණය කළේ ඇයි ද යන්නත්, ඔවුන්ට එල්ල වන සමාජ පීඩනය හා දේශගුණික වෙනස්වීම් හමුවේ මානසික වශයෙන් ඇති වන බලපෑම්වලට මුහුණ දෙන්නේ කෙසේ ද යන්නත් පැහැදිලි කරයි.